මේ දිනවල රටපුරා මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන අතර දුරකථන ඇමතුම් මගින් වැටලීම් සිදුකරන අතර පසුගිය දා බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් ඒකකයට ලැබුනු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ නිවසකට ගොස් , ලැබුනු දුරකථන ඇමතුමට අනුව නිවෙස් හිමියන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලත් ඔවුන් කිසිවක් නොදත් නිසා වැදි නැවත ඔත්තුකරු සමග සම්බන්ද වී නිවස පසුපස මල් පෝච්චියක් යට තිබු පාර්සලයක් සොයාගෙන තිබේ .Sri Lanka Latest News
පසුව නිවසේ සිටි කාන්තාව පරීක්ෂාකර සැමියාද ගෙන්වා ප්‍රශ්න කර අවසානයේ කිසියම් පුද්ගලයකු විසින් පොලීසිය නොමග හරීමත් නිවෙස් හිමියන් අමාරුවේ දැමිමටත් සිදු කල කරුණක් බව පැහැදිලි වී තිබේ.
මේ දිනවල මේ ආකාරයෙන් පොලීසියත් අහිංසක මිනිසුන් මුලා කරන වංචනික දුරකතන ඇමතුම් දෙන අය සම්බන්ධයෙන් පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතු බව නිවෙස් හිමියන් සහා ප්‍රදේශවාසින් පවසනවා.











