කොළඹ නගර සභා ඇතැම් බලප්‍රදේශවල නගර සභා සේවකයන් විසින් වීදුරු රැගෙන යාම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
විශේෂයෙන්ම කොළඹ තට්ටු නිවාස සංකීර්ණ පිහිටා ඇති ස්ථානවල මෙම ගැටලුව මතුව තිබීම නිසා නේවාසිකයන් විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවක් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාරාහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයේ වැසියන් පිරිසක් සදහන් කර සිටියේ දැනට මාස කිහිපයක සිට කැඩුණු වීදුරු වැනි අපද්‍රව්‍ය රැගෙන යාම නගර සභා සේවකයන් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවත්, ඒ හේතුවෙන් ඇතැමුන් එම ප්‍රදේශය පුරා අවිධිමත් අයුරින් සහ හානිදායක අයුරින් වීදුරු බැහැර කර ඇති බවත්ය.
මේ වනවිට පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස් පාලනයකට යටත් කොට තිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ වගකිවයුත්තකු නොමැති බවටද ඔවුහු චෝදනා කර සිටිති.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නගර සභාවේ දුරකතන අංකයට කතා කළද පළක් නොවුණු බව ඔවුහු සදහන් කර සිටිති.










