චීනය විසින් සාදන ලද පකිස්තාන මාර්ගෝපදේශක මිසයිල නෞකාවක් වන PNS Taimur වෙත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට ලංකා බලධාරීන් පියවර ගැනීමත් සමග තවත් අර්බූදයක පෙරනිමිති පහළ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
චීනයේ ෂැංහයි හි Hudong-Zhonghua නැව් තටාකාංගනය විසින් ඉදිකරන ලද මෙම යුධ නෞකාව කාම්බෝජ සහ මැලේසියානු නාවික හමුදා සමඟ අභ්‍යාස කරමින් පකිස්ථානය වෙත සිය මංගල ගමනේ යෙදී සිටී.
නෞකාව 2022 අගෝස්තු 12 සිට 15 දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් මෙම නැවට බංග්ලාදේශයේ චිතගොන් වරායට ඇතුල්වීමට අවසර ඉල්ලා ඇති නමුත් ෂීක් හෂීනා රජය ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
බංග්ලාදේශය ඉන්දියාවේ මෝඩි රජය සමග අතිශය සමීප සබධතා පවත්වන රජයක් ලෙස ප්‍රකටය.










