වෙඩි ප්‍රහාරයකට ලක් වූ කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික මිගෙල් උරිබේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.Sri Lanka Latest News
ඔහුගේ ශරීරයට වෙඩි ප්‍රහාර 3ත් වැදි ඇති අතර ඉන් 2ක් හිසට වැදි ඇති බව සඳහන් වේ.
බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී මිගෙල් උරිබේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර එහිදි ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
15 හැවිරිදි සැකකරුවෙකු වෙඩි තැබීමට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
එලබෙන වසරේදී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ කොලොම්බියානු හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලද විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකු ද වේ.










