• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොදි බඳින රැස්කරන එක් කරන අස්සේ – මේ අයව මේ ලොවට දෙවියන්ද එව්වේ! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොදි බඳින රැස්කරන එක් කරන අස්සේ – මේ අයව මේ ලොවට දෙවියන්ද එව්වේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මේ කතන්දරේ අයිති වෙන්නේ අපේ රටේ ඉන්න ලොකු ව්‍යාපාරික මහත්තයෙකුට. ලොකු ව්‍යාපාරික මහත්තුරුන්ගේ කතන්දර කිව්වම අපි දන්නේ ඒගොල්ලෝ මුදල් රැස් කරනවා, ඒවායින් දේපළ මිලට ගන්නවා, තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න වැඩ කරනවා වගේ දේවල්. මේවා හරි හොඳ දේවල්. ඒවාට විරුද්ධව අපි කතා කරන්නේ නැහැ. හැබැයි මේ වගේ ව්‍යාපාරිකයෙක් ඔබ මීට කලින් දැකලා තියෙනවද? ඔහු එම්.ජී. සමන් කුමාර. ඇල්පිටිය සෙන්ට්‍රල් ව්‍යාපාර සමූහය තමයි ඔහුගේ ව්‍යාපාරය. ඔහු ගාල්ල ඇල්පිටියේ ජීවත් වෙන කෙනෙක්. ඔහු බොහොම තරුණයි. ඔහු පහුගිය දවසක කරපු අපූරු කාර්යයක් නිසා ඔහු ගැන මුළු රටම කතාවෙන්න පටන් අරගත්තා. අපි තීරණය කළා ඔහු ගැන නොදන්න අයටත් ඔහු ගැන කියන්නට ඕනේ කියලා. ඒකට හේතුව අපේ රටේ ව්‍යාපාරිකයන් සම්බන්ධව බොහෝ විට අපි තුළ ඇතිවෙලා තියෙන ප්‍රතිරූපය ටිකක් වෙනස්. අපි හිතන්නෙම මේ ව්‍යාපාරිකයෝ කියන උදවිය හදන්නේ තමන්ගේ ලාභ වැඩි කරගන්න කියලා. මෙහෙම ලාභ වැඩිකර ගන්න විවිධ ආකාරයේ උපක්‍රම භාවිත කිරීම ව්‍යාපාරිකයන්ට තියෙන ගුණාංගයක්. සාමාන්‍යයෙන් හොඳ නරක වැඩක් නැහැ, ලැබෙන මුදලයි වැදගත් කියන තැනට අපි ව්‍යාපාරිකයන්ව දාලා තියෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. හැම ව්‍යාපාරිකයෙක්ම එහෙම නෑ. Sri Lanka Latest News

ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට අපි චෝදනා කළාට ව්‍යාපාරිකයෝ තමන්ගේ මුදල් හරිහම්බ කළා වෙහෙසිලා. තමන්ට පුළුවන් උපරිමයට ගිහිල්ලා තමන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් කරන අපූරු දේවල් තියෙනවා ඒවා ගොඩක් වෙලාවට සමාජගත වෙනවා අඩුයි. සමහර වෙලාවට සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා දැඩි ආගමික භක්තියක් තියෙන, දැඩි දේව භක්තියක් තියෙන. දැඩි විශ්වාස ඇදහිලි, පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යනවා. අපි මෙතුමා ගැන එහෙම කියන්න දන්නේ නැති වුණාට, මෙතුමාව අපිට දකින්න ලැබුණේ සමාජ මාධ්‍ය ඇතුළු ඔහු ගැන කතාකරන විශේෂම කාරණයක් හින්දා.

මේ සෙන්ට්‍රල් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂවරයා වෙච්ච එම්.ජී. සමන් කුමාර මහත්තයට දේපළ ඉඩකඩම් ටිකක් තියෙනවා. ඒ දේපළ ඉඩකඩම් අතරේ ඔහුට පහුගිය දවසක ලැබෙනවා අංගසම්පූර්ණ නිවසක්. ඒ නිවස ලැබෙන්නේ ඔහු බාල දරුවා නිසාත්, ඔහුගේ මවුපිය උරුමයෙන් ලැබෙන උරුමයක් විදියට. මේක බොහොම මිල අධික, බොහොම වටිනාකමක් තියෙන තැනක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල නිවසක් ඔහුට අවශ්‍ය නම් රුපියල් කෝටි ගානකට අලෙවි කරගන්න පුළුවන්කම තිබුණා කියලා තමයි මේක දන්න අය කියන්නේ. මේ ගේ තියෙන්නේ ඇල්පිටිය නගරයට ඉතා සමීපව. ඇල්පිටිය නගරය ආසන්නව තියෙන දේපළවල වටිනාකම අපි හැමෝම දන්නවා. ඇල්පිටිය කියන්නේ බොහොම සරුසාර නගරයක්. එක පැත්තකින් අධිවේගී මාර්ගය යනවා. අනිත් පැත්තෙන් ප්‍රධාන නගරය. හැම පහසුකමක්ම සහිතයි. අවශ්‍ය නම් මේ ගේ කෝටි ගානකට අලෙවි කරලා ඒ මුදලෙන් විශාල සැප සම්පත් ප්‍රමාණයක් මිලදී අරගෙන මීටත් වඩා සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියන්න ඔහුට පුළුන්කම තිබුණා. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ මිල මුදල් වැඩිකර ගන්න. මුදල් තියෙන අය තවත් උත්සාහ කරනවා මිල මුදල් වැඩිකර ගන්න. ඒ තමන්ගේ එදිනෙදා ජීවිතය ගතකරන්න සියලු සැප පහසුකම් ටික වැඩිකර ගන්න, අනෙකාට මොකක් වුණත් කමක් නෑ, මට ලැබෙනවා නම් කියලා හිතන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම සමාජයක ජීවත් වෙන අතරතුරේ සමන් කුමාර මහත්තයා කරන්නේ ඊට වඩා හරි වෙනස් දෙයක්.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම විහාර සංස්ථාවේ කහගොල්ලේ සෝමවංශ, මීතලාවේ විනීත, බුත්තල බුදුගල් ලෙන ආරණ්‍යයේ උඩුනුවර ධම්මරක්ඛිත, පරපද්දූව ආරණ්‍යයේ මාවතුරේ බෝධිවංශ කියන නාහිමිවරුන්ව මේ නිවසට වැඩම කරවනවා ඔහු. එහෙම වැඩම කරවලා ඔහු ස්ථානය ආශ්‍රිතව සර්වරාත්‍රික මහා පිරිත් සජ්ඣායනාවක් එහෙමත් පවත්වනවා. ඊට අමතරව පසුගිය 30 වැනිදා දහවලේ සංඝයා වහන්සේලාට විශේෂ පූජාවක් සිද්ධ කරනවා. මෙන්න මේක තමයි මේ කතාවට අදාළ වෙන්නේ. නිකන්ම නිකන් කඩදාසියක්. මෙච්ච ව්‍යාපාරිකයෙක් කෝටි ගානක වත්කම් දේපළක් තියාගෙන, මේ වගේ මහා සංඝරත්නය වැඩම කරවලා නිකන්ම නිකන් කඩදාසියක් පූජා කළා කියන එක සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනකුට නම් හිනායන කතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කඩදාසිය මොකක්ද දන්නවාද? ඒ තමයි මේ කෝටි ගානක් වටිනා ඉඩමේ සහ නිවසේ ඔප්පුව.

රාජකාය සම්ප්‍රදායානුකුලව අතපැන් වත්කරලා තමන්ගේ කෝටි ගානක් වටිනා නිවස, තමන්ගේ මහගෙදර, මහා සංඝයා වෙනුවෙන් පූජා කරන්නට ඔහු පියවර අරගෙන තියෙනවා. පොසොන් පෝය කාලේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කරලා උන්වහන්සේගේ වැඩමකිරීම සිහිපත් කරන මොහොතේ මේ විදියේ පූජාවක් සිද්ධ කිරීම අතිශය හැඟීම්බර සහ අතිශය සුන්දරයි. මේ ගෘහය ‘ආලෝකමන්දාව’ නමින් නම්කරලා තමයි මේ විදියට පූජා කරන්නේ. සමහර විට කුමාර මහත්තයට අයිති වෙලා තිබුණු ආලෝක මන්දාව දැන් අයිති සිවුදිගින් වඩිනා සංඝරත්නයට. අපි දන්නවා ඉතිහාසය පුරාම මේ විදියට ලෙන්, විහාර පවා, ගල් ලෙන් පවා පූජා කරපු අවස්ථා තිබුණා. ඒවා උඩින් සඳහන් කළා සිවුදිගින් වඩින භික්ෂුන්ට කියලා. මේ විදියට ආරණ්‍ය සේනාසනයක් විදියට, සසරෙන් එතෙර වන්නට බණ භාවනා කරන්නට, මේ කාරණ සඳහා මේ නිවස සම්බුද්ධ ශාසනයේ චිරස්චිථිය උදෙසා පූජා කරන්නට ඔහු පියවර අරගෙන.

මේ කතන්දරය ඉතා විශේෂයි. අපි කියන්නේ නෑ හැමෝම තමන්ගේ ගෙවල් දොරවල් පූජා කරන්න ඕනේ කියලා. ගෙවල් දොරවල් පූජා නොකළා කියලා පින් අඩුවෙනවා කියලා අපි කින්නෙත් නෑ. සාමාන්‍යයෙන් ජීවිතේ හරි හම්බ කරගත්ත මිනිහෙක්ට තමන්ගේ ගෙදර සංඝරත්නයට පූජා කරන්න බෑ. සමහර කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ කෝටි ගානක් වටිනා දේපළ සංඝරත්නයට පූජා කරනවට වඩා කෝටි ගානකට මේක අලෙවි කරලා, තව ගෙවල් 10ක් විතර හදලා අහිංසක මිනිස්සුන්ට දුන්නා නම් හොඳයි නේද කියලා. විවිධ තර්ක තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් දෙයක් කළාට පස්සේ අපි දැනගන්න ඕනේ අඳුර ගැන කතා නොකර, මේ දල්වපු ඉටි පහන ගැන කතාකරන්න. ඒ නිසා ඇත්තටම ඔහු ඉතා හොඳ සද්කාර්යයක් කරපු සුවිශේෂ පුද්ගලයෙක් බව අපි මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කන්ටේනර් 323 වගේ නඩු 25ක් මේ ආණ්ඩුව හදාගෙන ඉවරයි! මාලිමා ආණ්ඩුවට ජම්පර් අන්දන හැටි දිලිත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 15ක කොල්ලා තිබ්බ වෙඩි තුනෙන් කොලොම්බියා ජනපති අපේක්ෂකට බරපතළයි! දෙකක්ම වැදිලා තියෙන්නේ ඔළුවට! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.