ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වාරණය කරමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් පසුගිය 24 වනදා ඉවත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී එම තීරණය ගෙන තිබුණි.
ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි.










