කැසිනෝ සූදු ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සදහා බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත.
මෙයට පෙර ආරම්භ කිරීමට නියමිතවව තිබුණු ‘සිනමන් ලයිෆ් මික්ස්ඩ් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්’ නමැති සුපිරි විදෙස් ආයෝජන ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව පසුගිය දිනෙක ‘මිරර් බිස්නස්’ අතිරේකය අනාවරණය කර තිබිණ.
මෙය අමෙරිකානු ඩොලර් මිලියන 950ක ව්‍යාපෘතියකි.
මේ හරහා රජය සූදු ක්‍රීඩා කරන සංචාරකයන් රාශියක් ගෙන්වා ගැනීමටත්, ඒ හරහා විදේශ විනිමය උපයා ගැනීමටත් බලාපොරොත්තු වන බවද එම අතිරේකයේ සදහන්ය.










