සාමූහිකත්වයෙන්, අවබෝධයෙන් ඉදිරි අභියෝග ජයගතයුතු බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා කැපවියයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඓතිහාසික පෝරේ පුරාණ විහාරයට අනුබද්ධ අනු ශාඛාවෙ ශ්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ පුණ්‍යකර්මය මෙන්ම ආශිර්වාද පූජාව අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉටුකරන සමාජ මෙහෙවර සුවිශේෂී බවත්, දුක් විදින ජනතාව නගා සිටුවීම එතුමාගේ උදාර ප්‍රාර්ථනයක් බවත් කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක ,විචිත්‍ර භානුක,සාමවිනිසුරු පෝරේ පුරාණ විහාරය ඇතුලු විහාර රැසක විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන්වහන්සේ පැවසූහ.
එම උත්සවයේ විශේෂ අනුශාසනාව සිදුකරමින් උන් වහන්සේ මේබව පැවසීය.
“මම මේ වෙලාවේ ඒකාන්තවම සැබෑවෙන අනාවැකියක් කියනවා.සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති වෙනවාමයි”










