පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් පත්කර ඇති බවය.
නීතීපතිවරයාගේ උපදෙස් මත මෙම පත් කිරීම සිදුකර ඇති බව ඔහු පැවසීය.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර තිබේ










