මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමට සිදුවෙන බව පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.Sri Lanka Latest News
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කළේ,
“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි…. හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”










