චීන සිනොපෙක් සමාගම සිය තෙල් මිල ගණන් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 61කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 417ක්. එහි පැවති මිල රුපියල් 356ක්.
රුපියල් 338ට පැවැති ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් ඉහළ නංවමින් රුපියල් 348ක් කොට තිබෙනවා.
95 පෙට්‍රල් මිල රුපියල් 6කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 420ක්.
කෙසේවෙතත් 92 පෙට්‍රල් වර්ගයේ මිල ඉහළ නැංවීමට සිනොපෙක් සමාගම කටයුතු කර නෑ. එහි මිල රුපියල් 358යි.











