හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.Sri Lanka Latest News
එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.










