යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉන්දීය සංචාරය පිළිබදව එහි සභාපති එස්.එම්.මරික්කාර් මහතා විශේෂ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News
එය පහත දැක්වේ.
ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව, මාගේ සභාපතිත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව මේ දිනවල ඉන්දියාවේ නිල අධ්‍යයන චාරිකාවක නිරත වේ. දෙරටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් මෙම සංචාරයේ පළමු දිනය ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයකින් සමන්විත විය.
අද පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා මුණගැසී දෙරටේ සංවර්ධන කටයුතු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාවේ කතානායකතුමා මුණගැසීමට අවස්ථාව ලැබුණු අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණි.
මෙම සංචාරය අතරතුර ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව මෙන්ම ප්‍රවාහන කටයුතු පිළිබඳ කාරක සභාව ද හමු වූ අතර, එහිදී ඉන්දියාවේ වර්තමාන යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමට අපට හැකි විය. එමෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සහ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට ද අප කණ්ඩායම එක් විය.





















































