ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සදහා සීඩි වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත එවා තිබූ නමුත් ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් එම නම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් විසින් එම නම ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාට දැනුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යළිත් ලබන සදුදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මීට පෙරද ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සදහා සීඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කොට එවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.
නමුත් එම ප්‍රතික්ෂේප කිරීම නොතකා නැවත වතාවක් පොලිස්පතිවරයා ලෙස සීඩී වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.










