ජනතාවට බොරු කීම නවතා දුන් පොරොන්දු ඉටු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.Sri Lanka Latest News
ඔහු මෙම ඉල්ලීම සිදුකළේ මතුගම අද (11) පැවති ජන හමුවකට එක්වෙමිනි.
“පහුගිය කාලේ අපිට චෝදනා නැගුවා. අද ඒ අය විසින්ම කියනවා ඒ නගපු චෝදනා අවබෝදයකින් කරපු බොරුවක් මැතිවරණ වාසි ලබා ගන්න. රැකියා උත්පාදනය සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද? අපි ආණ්ඩුවට කියන්නේ තවදුරටත් රටේ ජනතාවට බොරු කිව්වා ඇති ඔබ වැඩ කරන්න”










