දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන තෙක් පාකිස්තාන බාරකාර රජය බලා සිටින බවට එරට ජනතාව චෝදනා එල්ල කර ඇත.
බාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වර් උල් හක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති කැබිනට් රැස්වීමේදී පවා විදුලි බිල පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමට බාරකාර රජය අසමත් වී ඇත.
විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා අනුමැතිය ලබා දෙන තෙක් බාරකාර රජය බලා සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
පාකිස්තාන බාරකාර රජය විදුලි පාරිභෝගිකයන්ගේ ගැටලුව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී ලබා දිය හැකි සහන පිළිබඳව ඉතාමත් ඉක්මණින් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍ය මුර්ටසා සොලාංගි මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.










