කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවය සහිත අයකුට කැනේඩියානු ඩොලර් මිලියන 35ක (රුපියල් කෝටි 800ක්) ලොතරැයි දිනුමක් ඇදුණු බව එරට සීබිසි පුවත් සේවය වාර්තා කළේය. (Sri Lanka Latest News)
ඔන්ටේරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සමාගමේ ලොටෝ මැක්ස් ලොතරැයියේ මේ මස 6 වැනිදා දිනුම් ඇඳීමෙන් පළමු ජයග්‍රහණය අත්කරගත් ශ්‍රී ලාංකිකයා වන්නේ නිරිතදිග කැනඩාවේ වින්ඩ්සර් නගරයේ සුළු රැකියාවක නිරතව සිටි ජේ. ජයසිංහ නමැත්තෙකි.
කැනඩාවේ පදිංචියට ගිය වකවානුවේ සිට ලොතරැයිපත් මිලදී ගැනීමට පුරුදු වූ ඔහුට මේ ජයග්‍රහණය හිමිවී ඇත්තේ ඔහුගේ දියණිය විශ්විද්‍යාලයේ උපාධිය ලැබීමෙන් සතියකට පසුව බව ද සිබිසි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ලොතරැයි දිනුම නිවේදනය කිරීමෙන් පසු පළමු දිනුම ඇදී ඇත්තේ වින්ඩිසර් නගරයෙන් අලෙවි වූ ලොතරැයිපතකට බව ඔහු සිය බිරියට කියා සිටි බවත්, එය තමා මිලදීගත් ලොතරැයියකට ලැබේදැයි සිතුණු බවත් ඔහු සඳහන් කර තිබේ.
එදිනම පස්වරුවේ ඔහු ලොතරැයිය මිලදගත් සාප්පුවට ගොස් ඇති අතර, පළමු මුදල් ත්‍යාගය ලැබී ඇත්තේ තමා මිලදීගත් ලොතරැයිපතට බව දැනගත් විගස හෘදස්පන්දය වැඩි වූ බවත්, දෑසට කඳුළු ඉනූ බවත් ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ලැබුණු ත්‍යාග මුදලින් නව නිවෙසක් මිලදී ගැනීමටත්, දියණියගේ වැඩිදුර අධ්‍යාපනයට සහ සංචාරවල නිරත වීමටත් යොදවන බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
gossiplankanews