ප්‍රභාකරන් 2005 ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයක් කොට රනිල්ව පරාජය කරන්න තීරණය කළේ රනිල් ප්‍රභාකරන්ගේ ශක්තිය වූ කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් කැඩුවේ රනිල් බව දැනගෙනය. ප්‍රභාකරන් කරපු ලොකුම වැරැද්ද කරුණා අම්මාන්ව 2002 සාකච්ඡා මේසයට යැවීමය. කරුණා සාම සාකච්ඡා සඳහා තායිලන්තයට ගිය විට රනිල් ඔහුව ට්‍රැප් කරන්න දෙන්නෙක්ව පාවිච්චි කළේය. එක් අයෙක් එවක කටුනායක ගුවන් තොටුපළේ අධ්‍යක්ෂ වූ ගාමිණී අබේරත්නය. අනෙකා රනිල්ගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති අලි සහීර් මවුලානාය. අලි සහීර් මවුලානා කරුණාගේ අසල්වැසියෙකි. සාම සාකච්ඡා කාලයේ කරුණා අම්මාන්ගේ ඉල්ලීම මත ඔහුගේ දරුවන් කොළඹ ඉස්කෝලවලට ඇතුළු කළේ තමා යැයි අලි සහීර් මෑතකදී පවසා තිබිණි. සාම සාකච්ඡා කාලයේ ප්‍රභාකරන් සහ කරුණා අම්මාන් අතර ඇතිවෙමින් තිබුණු ප්‍රශ්න සහ ගැටුම් ගැන තමා එවක අගමැති රනිල් දැනුවත් කළ බවත් ඔහු පවසා තිබිණි. කරුණා අම්මාන්ව තායිලන්තයේ නයිට් ක්ලබ්වලට අරගෙන ගියේ ගාමිණී අබේරත්නය. ඔහු කරුණා අම්මාන් සාම සාකච්ඡා සඳහා විදේශගත වෙද්දීත් යළි ලංකාවට පැමිණෙද්දීත් කරුණා අම්මාන් සමග ගුවන් තොටුපළේදී මිත්‍ර විය. පසුව ඔහු තායිලන්තයට ගොස් කරුණා අම්මාන් සමග නයිට් ක්ලබ් යන්නත් රාත්‍රී වනතුරු සාද පවත්වන්නත් පුරුදු විය. කරුණා සහ ප්‍රභාකරන් ගැටුම එළියට ආ විට කරුණා නැගෙනහිරින් කොළඹට පැන ආවේ අලි සහීර් මවුලානාගේ වාහනයේය. ප්‍රභාකරන් මේ සියල්ල දැන සිටියේය. ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම ගණන් නොගෙන ඔහු රනිල්ව පරාජය කරන්න තීරණය කළේ තමාගේ හොඳම සගයා කැඩීම පිළිබඳ පළිගැනීමටය. (Sri Lanka Latest News)
ප්‍රභාකරන් සහ කරුණාව දෙකඩ කොට එල්.ටී.ටී.ඊ.ය විනාශ කළේ රනිල් බව රාජපක්ෂවරු දනී. ඔවුන් රනිල්ට ජනාධිපතිකම දෙන්න එක් හේතුවක් වූයේ ඔහු අරගලය දෙකඩ කර විනාශ කරයි සිතාය. රනිල් එය ඉටු කළේය. එසේම ඔහු ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට එරෙහිව යැයි යන බියෙන් දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රශ්න හැදුවේය. ඒ සඳහා ඔහු පාවිච්චි කළේ බාර් ලයිසන්ය. මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කිහිප දෙනකුටම බාර් ලයිසන් දී ඇති බව හෙළිව තිබේ. ITAK නායක ශ්‍රීධරන්ටද බාර් ලයිසන් දී ඇති බව හෙළිවී තිබේ. මෙලෙස බාර් ලයිසන් ගත් ITAK සහ TNA නායකයන් ස්වාධීන අපේක්ෂකයාට සහාය පළකරන්නේ රනිල්ගේ ප්‍රතිවාදියා වූ සජිත්ට TNA ඡන්ද යෑම වළක්වන්නටය.
රනිල් කරුණා අම්මාන් කැඩීමෙන් කරගත්තේ විශාල හානියකි. නැතිනම් රනිල් 2005 ජනාධිපතිය. රනිල් ඒ වැරැද්ද හදාගන්න මෙවරද කර ඇත්තේ වරදකි. බාර් ලයිසන් දී දෙමළ ඡන්ද දිනාගන්න පුළුවන්ද කියා මෙවර ජනාධිපතිවරණයේදී බලාගත හැකි වනු ඇත.










