ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් බවට කළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධී බවත්, 7 ‘ආ’ නව පරිච්ඡේදය යටතේ එය වැරදි බවත් මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට අවශ්‍ය දේ කියා නැගිට යන බවත්, ජනාධිපතිවරයාව නිවැරදි මගට ගැනීම සියල්ලන්ගේම වගකීම බවත් ඒ මහතා කියා සිටියේය.










