කුරුණෑගල,පුත්තලම, අනුරාධපුරය හා මාතලේ දිස්ත්‍රික්වල පැවති පානීය ජලය හා වාරි ජල හිඟතාව සඳහා පසුගිය සමයේ මහා පරිමාණ වාරි ව්‍යාපෘතිය කිහිපයක් ම ඉදි වුණා.
එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට අයත් කර දීම උදෙසා, නව විශේෂ මහවැලි ප්‍රදේශ දෙකක් යෝජනා කිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
මේ අනුව දැනට පවතින මහවැලි කලාප 10ට අමතර ව දැදුරු ඔය බහුකාර්‍ය යෝජනා ක්‍රමය සහිත මිටියාවත ‘මහවැලි එන්’ කලාපය ලෙස ද වයඹ පළාත් මහ ඇළ බල ප්‍රදේශය ‘මහවැලි එම්’ කලාපය ලෙස ද කලාප 12ක් දක්වා වැඩි වෙනු ඇති.
මේ හරහා කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා මාතලේ යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26ක් හා ගම්මාන 410ක් ආවරණය වීමට නියමිත යි.