A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ ඊයේ (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.Sri Lanka Latest News
මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස් තිබේ.
ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.
අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් හා අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.










