රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි. Sri Lanka Latest News
මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම හර්තාල් ව්‍යපාරය හෙට (18) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“මේ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබෙන්නේ.
මේ සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් හදන්න උත්සාහ දරන බවක් පේනවා.
ඒ නිසා රටේ ජනතාව කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න”.










