• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යාපාරික ප්‍රජාව සජිත් ප්‍රමුඛ විපක්ෂයේ කමිටුව හමුවී ප්‍රශ්න කතා කරයි! ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ජනාධිපතිට-අගමැතිට-ආණ්ඩුවට ළංවී වරප්‍රසාද ලබන යුගය අවසන්! සියලු ව්‍යාපාරිකයන්ට සම බිමක්! ජනතාවත් ප්‍රගතියේ කොටස්කරුවන්! සජිත් පොරොන්දුවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
ව්‍යාපාරික ප්‍රජාව සජිත් ප්‍රමුඛ විපක්ෂයේ කමිටුව හමුවී ප්‍රශ්න කතා කරයි! ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ජනාධිපතිට-අගමැතිට-ආණ්ඩුවට ළංවී වරප්‍රසාද ලබන යුගය අවසන්! සියලු ව්‍යාපාරිකයන්ට සම බිමක්! ජනතාවත් ප්‍රගතියේ කොටස්කරුවන්! සජිත් පොරොන්දුවක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයට ළං වූ පමණින් විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලැබූ යුගය අවසන් කළ යුතු බවත් සම භූමියක් තුළ මෙරට ව්‍යාපාරවලට තරග කිරීමේ අවස්ථාව ලබා දෙනවා සේම වැඩ කරන ජනතාවත් මෙම ප්‍රගතියේ කොටස් කරුවන් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

එසේ ම දූෂණය වංචාව හොරකම තුරන් කළ යුතු බවත් මේ රට විනාශ කළ මංකොල්ල කන ලද දූෂිත කණ්ඩායම් හොරා කාපු අරමුදල් නැවත රටට ලබා ගෙන එම හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අහිමි වූ සම්පත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නැවත ලබා ගැනීම සදහා නීති සම්පාදනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කමිටුව මෙරට ව්‍යාපාරිකයන් සමඟ පැවැත් අවස්ථාවේ දීය.

එසේ ම ධනවතුන් පමණක් නොව සාමාන්‍ය පුද්ගලයාටත් කොටස් වෙළෙඳපොළේ සුළු කොටස් හෝ අයිති විය යුතු ය යන සංකල්පය තමා විශ්වාස කරන බවත් ඒ තුළින් තරුණ ප්‍රජාව ආර්ථික ගමනේ කොටස්කරුවන් බවට පත් වන බවත් එය අප රට තුළ ද ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ලබන ලාභයේ කොටසක් වැඩ කරන ජනතාවට හිමි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ඉදිරි ගමනට ප්‍රගතිය වෙනුවෙන් වැඩපොළේ කාර්මික සාමය අවශ්‍ය බවත් එය නිර්මාණය වීම සඳහා රජය අයිතිකරුවන් වැඩ කරන ජනතාව යන පාර්ශ්ව 3ම එක හා සමාන ගමනක යා යුතු බවත් මෙය එක් පාර්ශ්වයකගේ ජයග්‍රහණයක් හා එක් පාර්ශ්වයකගේ පරාජයක් නොවිය යුතු බවත් හැම පාර්ශ්වයක්ම දිනිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ජයග්‍රහණය සදහා වැදගත් වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන බවත් මානුෂිය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන ව්‍යවසායකත්වයට ව්‍යාපාරවලට කර්මාන්තවලට ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නිති රිති රෙගුලාසි සම්පාදනය කර දෙන නමුත් එසේ උත්පාදනය කරන ධනය බෙදී යාමේදී අසමතුලිතතාවක් ඇති නොවිය යුතු බවත් එම ධන උත්පාදනය ක්‍රමය මානුෂිය විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය

තවද පොහොසතා පමණක් ශක්තිමත් විය යුතුය යන ප්‍රතිපත්තියක තමා පිහිටා නොමැති බවත් එවැනි ප්‍රතිපත්ති ඇති පිරිස නිසා සුපිරි ධනවතුන්ට බිලියන 600ක් 700ත් අතර බදු සහන ලබා දී රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීම නිසා රට බංකොලොත් වූ බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටට අවශ්‍ය වී ඇත්තේ මානුෂිය ධනවාදය, සමාජ වෙලෙදපොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් ඒ තුළින් මෙරට ව්‍යවසායකත්වය දිරිමත් කර කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කර ධනය උත්පාදනය කළ යුතු බවත් එසේ උත්පාදනය කරන ධනය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම තුළ ධනවාදයේ ඇති ඌනතා මගහරවා සම්පත් බෙදී යාම සාධාරණව මානුෂීයව සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මේ සංකල්පය තුළ හාම්පුතුන්, අයිතිකරුවන් හා වැඩ කරන ප්‍රජාව අතර මනා සබදතාවක් ඇති විය යුතු බවත් ඒ තුළ කාර්මික සාමය ඇති කළ යුතු බවත් ඒ තුළ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය කුසලතා මත දියුණු වීමට අවශ්‍ය සමාන පරිසරයක් නිර්මාණය කරන බවත් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ගජමිතුරු ධනවාදය හරහා එවැනි සම බිමක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම මෙවැනි සංවාද සිදු කළ යුත්තේ රටේ ජනාධිපති, අගමැති හෝ කම්කරු ඇමති වුවත් වර්තමානයේ එය සිදු කරන්නේ විපක්ෂය බවත් විපක්ෂය විසින් වත්මන් බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරිකයන් එක්ව වැඩසටහනක් සකස් කර ඇති බවත් ඒ තුළින් ලොව පිළිගන්නා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ යල්පැනගිය රාමුවක් තුල නොව අනාගත දැක්මක් සහිත ජනතාවාදී ජනහිතකාමී ව්‍යාපාර හිතෛශී හා කම්කරු හිතෛශී ගමනක් බවත් ඒ සදහා සහාය ලබා දෙන ලෙසත් ඊලග අවස්ථාවේ ව්‍යාපාර හිමියන් හා කම්කරු ප්‍රජාව එකිනෙකට හමුවන සාකච්ඡා මණ්ඩපයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

මාස 7ට විද්වතුන් 9,300ක් රැකියා සඳහා විදෙස්ගත වෙලා! Sri Lanka Latest News

Next Post

දරුවන් 17 දෙනකු වැදූ මවක් ගමම හඬවමින් අවසන් ගමන් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.