British Airways ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ හැකියාව තක්සේරු කරමින් සිටින බව වාර්තා වනවා. Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මේ දක්වා නිකුත් කර නොමැති අතර, කලාපීය ඉල්ලුම උපයෝගී කරගනිමින් මාලදිවයින හරහා සේවාව ක්‍රියාත්මක කිරීමේ කිරීමේ මූලික සූදානමක් පවතින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
British Airways අවසන් වරට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත්තේ 2013 වසරේ අප්‍රේල් මාසයේ වන අතර මේ සඳහා ඔවුන් යොදවා තිබුණේ බොයිං B777 යානයක්.
2013 වසරේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (General Sales Agent – GSA) ලෙස කටයුතු කර ඇත්තේ Hayleys Aviation ආයතනය යි.










