• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මානව හිමිකම් අපරාධවලට අදාළව ශ්‍රී ලාංකික හිටපු හමුදාපතිවරුන් 3කට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක! හිටපු කොටි නායක කරුණා අම්මාන්ටත් සම්බාධක! දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍ය රජය දැරූ උත්සාහයක ප්‍රතිඵල! මුදල් සහ සියලු දේපළ තහනම්! බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම්! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මානව හිමිකම් අපරාධවලට අදාළව ශ්‍රී ලාංකික හිටපු හමුදාපතිවරුන් 3කට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක! හිටපු කොටි නායක කරුණා අම්මාන්ටත් සම්බාධක! දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍ය රජය දැරූ උත්සාහයක ප්‍රතිඵල! මුදල් සහ සියලු දේපළ තහනම්! බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ සහ අදටත් ප්‍රජාවන්ට බලපෑමක් ඇතිකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීම සෙවීම ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා එක්සත් රාජධානියේ රජය කැපවී සිටී. වගකිව යුත්තන්ට දඬුවම් නොලැබීමට ඉඩ නොදෙන බවට සහතික කිරීමට මම අපගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ප්‍රතිඥාවක් දුන්නා. මෙම තීරණය මගින් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන්ට අදාළව වගකිව යුතු අය, වගකිව යුතු බවට සහතික කෙරුණා. මෙම සුවිශේෂ තීරණයන් ගැනුණේ එවැනි වටපිටාවකදීයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා නව ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට එක්සත් රාජධානියේ රජය බලාපොරොත්තු වන අතර, ජාතික සමගිය සඳහා ඔවුන්ගේ කැපවීම් සාදරයෙන් පිළිගනී. ප්‍රජාවන් හා එක්ව ඉදිරියට යෑමට නම් අතීත වැරැදි සඳහා පිළිගැනීමක් සහ වගවීමක්ද තිබිය යුතු අතර, අද මෙලෙස හඳුන්වා දී ඇති සම්බාධක ලැයිස්තුගත කිරීම් මගින් එම අපේක්ෂාවන්ට සහාය වීම සිදුවනු ඇත…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මානව හිමිකම් උල්ලංඝනයට අදාළව මෙම කතාව ඇසුණේ මෙයට දින කීපයකට පෙරදීය. එක්සත් රාජධානියේ (එංගලන්තයේ) රජයේ නිල ප්‍රකාශයක් මගින් අපට මෙම කතාව කියා සිටින්නේ එරට රජයේ වත්මන් විදේශ කටයුතු රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමී නමැති රාජ්‍යතාන්ත්‍රිකයා විසිනි. ඔහුගේ තනතුර සම්පූර්ණ වශයෙන් සඳහන් වන්නේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වශයෙනි. මෙම තනතුර බි්‍රතාන්‍ය රජයේ ඉතා බලගතු තනතුරක් ලෙස සැලකෙන්නේ, එමගින් එක්සත් රාජධානියේ සිදුකෙරෙන සියලු රාජ්‍යතාන්ත්‍රික විදේශ කටයුතු සඳහා පූර්ණ බලතල හිමිවන හෙයිනි. ඩේවිඩ් ලැමී මෙම සුවිශේෂ තනතුර සඳහා පත්වන්නේ පසුගිය 2024 ජූලි මාසයේදී බලයට පත්වුණු බි්‍රතාන්‍ය නව රජය යටතේදීය. එනම් එරට නව අගමැති කීර් ස්ටාර්මර්ගේ රජය යටතේය. එයට පෙර මෙම දේශපාලකයා වසර 25කට ආසන්න කාලයක්ම බි්‍රතාන්‍ය රජයන් කිහිපයක් යටතේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද දරා ඇත. දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු බි්‍රතාන්‍ය කළු ජාතිකයෙකි. මෙම බි්‍රතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයා පසුගියදා අප ශ්‍රී ලංකාවට අදාළව එසේ සිදුකළ ප්‍රකාශය ඉතා ආන්දෝලනාත්මක එකක් විය.

එය ආල්දෝලනාත්මක ප්‍රකාශයක් වූයේ කෙසේද? එය නම් මෙයට දින කීපයකට පෙරදී දෙස් විදෙස් මාධ්‍ය හරහා අපට අසන්නට ලැබුණු තවත් සුවිශේෂ පුවතක් හේතුකොට ගෙනය. එමගින් මෙසේ කියැවිණි.

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව එක්සත් රාජධානිය (මහා බි්‍රතාන්‍යය) සම්බාධක පනවා තිබේ. එම අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු හිටපු ශ්‍රී ලාංකික හමුදා අණදෙන නිලධාරීන් තිදෙනකුට සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ හිටපු අණදෙන එක් නිලධාරියකුටද එරෙහිව මෙම සම්බාධක පනවා ඇත. අදාළ අපරාධ සඳහා වගවීම සෙවීමට කටයුතු කිරීම මෙන්ම, දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් වැළැක්වීම සම්බාධකවල ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, විවිධ වධ හිංසා පැමිණවීම්, අතුරුදන් කිරීම් මෙන්ම ලිංගික ප්‍රචණ්ඩත්වයද සිදුකිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනයට අදාළව ඉහත පුද්ගලයන් හතර දෙනා වගකිව යුතු වෙයි. අද එක්සත් රාජධානිය සම්බාධක පැනවූ පුද්ගලයන් හතර දෙනාට ශ්‍රී ලංකා හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් තිදෙනකු සහ ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ‘පැරාමිලිටරි කරුණා කණ්ඩායම’ට නායකත්වය දුන් හිටපු එල්.ටී.ටී.ඊ. හමුදාපතිවරයකුද අයත් වෙයි. අද පනවන ලද මහා බි්‍රතාන්‍යයේ සම්බාධක යටතේ එක්සත් රාජධානියට සංචාරක තහනම් කිරීම්, වත්කම් කැටිකිරීම් සහ තවත් පියවර කීපයක් අයත් වනු ඇත. මෙතැන් සිට එම පුද්ගලයන්ට අදාළව මෙම සම්බාධක ස්ථිරව ක්‍රියාත්මක වීම සිදුවනු ඇතිය…’

දැන් ඔබ මෙම කතාවෙහි යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. මහා බි්‍රතාන්‍යයේ වත්මන් නව රජය විසින් ගෙන ඇති මෙම තීරණය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම තීරණයට අදාළව මේ වනවිට විවිධ දෙස් විදෙස් පාර්ශ්ව විසින් නොයෙකුත් අදහස් හා මතිමතාන්තර ප්‍රකාශ කර ඇත. තවත් එම තොරතුර සොයා බලන්නට ප්‍රථම මෙලෙස මහා බි්‍රතාන්‍යයේ සම්බාධකවලට ලක්වුණු ශ්‍රී ලාංකික සුවිශේෂ පුද්ගලයන් හතර දෙනාගේ තතු සොයා බලමු.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා – විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදාපතිවරයෙකි. ඔහු 2019 සිට 2022 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා ලෙස සේවය කළේය. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුරදී 58 වැනි සේනාංකයේ ප්‍රභූ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙසද කටයුතු කළේය. දැනට 60 වැනි වියෙහි පසුවන ඔහු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ – ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී කටයුතු කළේය. ඔහුගේ අණ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ ඉහළ මුහුදේදී එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ අවි නැව් සහ යාත්‍රා දහයකට අධික ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දැමීමට සමත් විය. දැනට 72 වැනි වියේ පසුවන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විශ්‍රාම ගැනීමෙන් පසු ජපානයේ තානාපති ධුරයද දැරීය.

ජෙනරල් ජගත් ජයසූරිය – 2009 සිට 2013 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී (2008-2009) ඔහු වන්නි කලාපයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රහාරවල සමස්ත අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. විශ්‍රාම ගැනීමෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස සහ විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන්ද දැරීය. හමුදා සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

කර්නල් කරුණා අම්මාන් – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ත සංවිධානයේ හමුදා නායකයෙකි. වසර 20ක් පමණ කොටි සංවිධානයේ කටයුතු කර පසුව එකල රාජපක්ෂ රජය සමග එක්වී කොටි සංවිධානයට එරෙහිව කටයුතු කළේය. මෙසේ අවි ආයුධ අතහැර දේශපාලනයට පිවිසීමෙන් පසුව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත්කරනු ලැබුවේය. ඉන් පසුව ඔහුට එම රජයේම කැබිනට් අමාත්‍ය ධුරයක්ද හිමිවිය. කරුණා අම්මාන් දැනට 58 වැනි වියේ පසුවෙයි.

දැන් ඔබ මෙම කතාවෙහි සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. පසුගියදා එක්සත් රාජධානියේ (මහා බි්‍රතාන්‍යයේ) රජයේ සම්බාධකවලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විස්තරද ඔබට පැහැදිලි වනු ඇත. බි්‍රතාන්‍ය රජයේ මෙම ඍජු තීරණයට අදාළව දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක් විසින් පැසසුම් මෙන්ම හෙළාදැකීම්ද ඉදිරිපත් කර ඇත. ඒවා සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩකඩ මදිය. එම වටපිටාවේදී එම තීරණයට අදාළව විදේශ මානව හිමිකම් පාර්ශ්ව ගණනාවක්ම පැසසුම් ඉදිරිපත් කර තිබිණි. එසේ වුවද ශ්‍රී ලංකාව තුළ යම් පාර්ශ්ව සහ විදේශයන්හි සිටින සිංහල ජාතික ඩයස්පෝරා පාර්ශ්ව මෙම තීරණයට එරෙහිව තම දෝෂාරෝපණයන් ප්‍රකාශ කර තිබිණි. තත්ත්වය කෙසේ වුවද බි්‍රතාන්‍ය රජයේ තීරණය එසේම වෙනස් නොවී පවතින අතර, ක්‍රියාවෙහිද නැංවෙනු ඇතිය.

මෙලෙස පනවන ලද සම්බාධකවලට මෙම සවිස්තරාත්මක තොරතුරු අයත් බව පෙනෙයි. එනම් මූල්‍යමය සම්බාධකවලට මුදල් හා මූල්‍යමය නොවන වත්කම් (උදාහරණ ලෙස මහා බි්‍රතාන්‍යය තුළ තිබෙන බැංකු ගිණුම් හා වෙනත් මුදල් තැන්පතු සහ ඉඩම් හා නිවාස දේපළ මෙන්ම වාහන ආදී දේපළ) මේ සඳහා අයත් වෙයි. මෙහිදී එම දේපළ කැටිකිරීම සහ තහනම් කිරීම සිදුකෙරෙන අතර, එම අදාළ පුද්ගලයන්ට එම දේපළවලට කිසිදු වත්කමක් ලබා නොදෙන බවට සහතික කෙරෙයි. සංචාරක සම්බාධකවලට එම අදාළ පුද්ගලයන්ට එක්සත් රාජධානියට ඇතුළු වීමට හෝ රැඳී සිටීමට නොහැකි අතර, සංක්‍රමණ අරමුණු ඇතුළුව එක්සත් රාජධානියට සංචාරය කිරීම සඳහා වන ඕනෑම වීසා අයැදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබෙයි. මෙම වටපිටාවේදී අපගේ මතකයට එන්නේ පසුගිය 2023 ජනවාරි මාසයේදී කැනඩාව විසින් මෙරට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාටද මේ ආකාරයේ සම්බාධක පැනවීමේ සිදුවීමය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අයවැය කෙළි අස්සේ ජයටම ගිය මැති ඇමැති කෙළි! Sri Lanka Latest News

Next Post

පරසතු මලේ මහ වලව්ව – කා සතු වේද නොදත් පලහිලව්ව! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.