• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය කෙළි අස්සේ ජයටම ගිය මැති ඇමැති කෙළි! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 වසර වෙනුවෙන් අයවැය විවාදය මාසයට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමෙන් අනතුරුව අයවැය සම්මත වීමත් සමග පසුගිය 21 වැනිදා අයවැය විවාදය අවසන් විය. Sri Lanka Latest News

මෙම අයවැය විවාදය අතරතුර මැතිසබය තුළ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් අතර උණුසුම් වාද විවාද වාග් සංග්‍රාම සැරටම සිදුවිය.
සමහර අවස්ථාවලදී එම වාද විවාද කෙතරම් උණුසුම් වූවාද කීවොත් මූලාසනයට පවා එය පාලනය කරගැනීමට දැඩි වෙහෙසක් ගන්නට සිදුවූ අවස්ථාද නැතුවා නොවේ.
පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ සභා ගර්භයේදී එම උණුසුම් වාද විවාද පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයට ආසන්න ප්‍රදේශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ක්‍රීඩා තරගද පැවැත්විණි.

දෙවැනි මහලේ එකිනෙකාට චෝදනා කරගනිමින් වාද විවාදවලට පැටලෙන මන්ත්‍රීවරුන් පළමු මහලේ එකිනෙකා පරයා නැගීසිටීමට උත්සාහ කරනු ලබන්නේ විවිධ ක්‍රීඩා ඉසව්වල යෙදෙමිනි.

ඇතැම් අවස්ථාවලදී එකිනෙකාට මැතිසබය තුළ චෝදනා කරගන්නා ජනතා නියෝජිතයන් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කිරීමද හරිම අපූරු සිදුවීමකි.
අයවැය විවාදය පැවැත්වුණු දිනවල මෙම ගෘහස්ථ ක්‍රීඩා තරගවල මූලික වටවල තරග පැවැති අතර, ඒ තරග සඳහා ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් රැසක්ම මහත් උනන්දුවෙන් සහභාගි වීම විශේෂත්වයකි.

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ මූලිකත්වයෙන් සංවිධාන කරන ලද අතර, වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහායද ඊට හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රීඩාශීලීත්වය, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සුහදශීලීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2020 වර්ෂයේ සිට මෙම ගෘහස්ථ ක්‍රීඩා තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙන බවත්, එය 2020 වසරේදී ආරම්භ කිරීමට තමාද මූලිකත්වය ගත් බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව, 5 වැනි වරටත් සංවිධාන කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ අවසන් තරග පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා ඉදිරියේදීය.

තරග ඉසව් 07ක් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියට ඇතුළත් වී තිබිණි.
ස්නූකර්, මේස පන්දු (කේවළ / මිශ්‍ර යුගල), දාම් ඇදීම, චෙස්, කැරම්, පූල් යන තරග ඇතුළත් වී තිබිණි.
ස්නූකර් අවසන් තරගය පැවැතියේ අග්‍රාමාත්‍යතුමිය සහ කතානායකතුමා ඉදිරියේය.

ස්නූකර් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ විරුද්ධ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සහ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර මෙම තරගය පැවැත්විණි.

තියුණු තරගයකින් අනතුරුව රෝහණ බණ්ඩාරට අනුශූරතාව ලබාදෙමින් ශූරතාව දිනාගත්තේ පොහොට්ටුවේ ඩී.වී. චානක විසිනි.
එසේම මෙහිදී අවධානය දිනාගත් තවත් තරගයක් වූයේ මිශ්‍ර යුගල මේස පන්දු තරගයයි. ආණ්ඩු පක්ෂයේ දෙදෙනකු හා විරුද්ධ පක්ෂයේ දෙදෙනකු අතර මෙම තරගය පැවැත්වීම විශේෂත්වයකි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට එහි ශූරතාව හිමිවිය.
මේස පන්දු මිශ්‍ර යුගල වශයෙන් අනුශූරතාව හිමිවූයේ සමගි ජන බලවේගයේ වරුණ ලියනගේ මන්ත්‍රීවරයාට සහ චමින්ද්‍රාණි කිරිඇල්ල මන්ත්‍රීවරියටයි.

තරගාවලියේ දාම් ඇදීමේ අංශය දෙසට බොහෝ දෙනකුගේ අවධානය හිමිවූයේ ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයන්ගේ වැඩි කැමැත්තක් දාම් ඇදීම කෙරෙහි යොමුවූ නිසාය.
දාම් ශූරයා බවට පත්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම්. ධර්මසේනයි. එහි අනුශූරතාව හිමිවූයේ බී. ආරියවංශ මන්ත්‍රීවරයාටයි.
ධර්මසේන මන්ත්‍රීවරයා පිට පිට පස් වතාවක්ම දාම් ශූරයා වීමද විශේෂත්වයකි.

මේස පන්දු (පිරිමි) තරග අංශයේ ශූරතාව දිනාගත්තේ වරුණ ලියනගේ මන්ත්‍රීවරයායි. එහි අනුශූරතාව රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීවරයාට හිමිවිය.
වරුණ ලියනගේ මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ දක්ෂ අන්දමින් ක්‍රීඩා කරන මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රසිද්ධය.

තරගාවලියේ මේස පන්දු (කාන්තා) අවසන් තරගය පැවැත්වුණේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සහ චමින්ද්‍රාණි කිරිඇල්ල මන්ත්‍රීවරිය අතරය.
චමින්ද්‍රාණි කිරිඇල්ල මන්ත්‍රීවරියට අනුශූරතාව ලබාදෙමින් එහි ශූරතාව දිනාගත්තේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරියයි.

චෙස් අවසන් තරගයටද බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබිණි. එම අවසන් තරගය පැවැත්වුණේ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා අතරය.

පසුගිය දිනවල තරමක් විවාදාත්මකව කතාබහට ලක්වූ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ඉතා ඉවසීමෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් චෙස් ශූරතාව දිනාගත්තේය. එහි අනුශූරයා බවට පත්වූයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයායි.

කැරම් අවසන් තරගයද බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තරගයකි.
කැරම් ශූරයා බවට පත්වූයේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඒ, විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ ප්‍රගීත් මදුරංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.
එහි අනුශූරතාව දිනාගත්තේ ක්‍රීඩාවට විශේෂිත පුද්ගලයෙකි. ඒ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේය.

පූල් තරග අංශයද බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තවත් තරග ඉසව්වකි.
පූල් තරග ඉසව්වේ ජය ලබාගැනීමට රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමත් විය. එහි අනුශූරතාව දිනාගත්තේ ඩී.වී. චානක මන්ත්‍රීවරයායි.

මීට පෙර වර්ෂවල පැවැති තරගවලදී ස්නූකර් ක්‍රීඩාවේ දක්ෂ ලෙස නියැළී ජයග්‍රහණ ලබාගැනීමට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කටයුතු කළද ඔහුට මෙවර කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වීමද විශේෂත්වයකි.

නමුත් තරග පරාජය වුවද සංවිධාන කටයුතු හොඳින් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුටත්, සුගත් තිලකරත්න ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාටත් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ස්තුතිය හිමිවිය.

ගෘහස්ථ නොවන ජවන හා පිටිය තරග පැවැත්වුණා නම් අනිවාර්යයෙන්ම මීටර් 400 ඇතුළු ධාවන තරගාවලිය සුගත් තිලකරත්න ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ජය හිමිකර ගන්නවා නොඅනුමානය.

ඔලිම්පික් වරම් ලබාගෙන මයිකල් ජොන්සන් පරාජය කළ සුගත් තිලකරත්නට අභියෝග කිරීමට හැකි ධාවන ශූරයකු මා දන්නා පමණින් පාර්ලිමේන්තුවේ 225 දෙනා තුළ නොමැත.

මීට පෙර වර්ෂවල පැවැති තරගවල ඉතා හොඳින් ක්‍රීඩා කරමින් එක්වර ජයග්‍රහණ රැසක්ම දිනාගෙන ඉතිහාසගත වී ඇත්තේ වෛද්‍ය ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයායි.
පසුගිය ආණ්ඩු කාලයේදී පැවැති මෙම තරගාවලියේදී ශූරතා කුසලාන තුන හතරක්ම එකවර ගෙදර ගෙනයෑමට ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයාට හැකි විය.

වර්තමාන පාර්ලිමේන්තුවේ වාගේම මීට පෙර පැවැති පාර්ලිමේන්තුවලදීද දක්ෂ ක්‍රීඩකයන් ජනතා නියෝජිතයන් වී සිටීම ගැන මෙහිදී අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් දෙදෙනකු වූ අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය මෙහිදී මතකයට එන්නේ නිතැතිනි.

1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංගය.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයා හෙවත් තරගාවලියේ වීරයා බවට පත්වන්නේ සනත් ජයසූරියයි.
ක්‍රීඩාවට, කලාවට දේශපාලනයක් නැත. ඒ අනුව කලාව, ක්‍රීඩාව වැනි දේට වැඩි වශයෙන් දේශපාලනඥයන් යොමුවනවා නම් මේ දේශපාලන බෙදීම් යම් තරමකින් හෝ අඩුවනු ඇත.

ස්නූකර් ශූරයා – ඩී.වී. චානක
මේස පන්දු ශූරිය – කොට්ටහච්චි
මේස පන්දු ශූරයා – වරුණ ලියනගේ
5 වැනි වරටත් දාම් ශූරයා – ධර්මසේන
චෙස් ශූරයා – අර්චුනා
කැරම් ශූරයා ප්‍රනීත් මධුරංග
පූල් ශූරතාව – රෝහණ බණ්ඩාර
ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා – ගයාශාන් නවනන්දන

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

භූ කම්පනයේ මරණ 1000 ඉක්මවයි! I Sri Lanka Latest News

Next Post

මානව හිමිකම් අපරාධවලට අදාළව ශ්‍රී ලාංකික හිටපු හමුදාපතිවරුන් 3කට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක! හිටපු කොටි නායක කරුණා අම්මාන්ටත් සම්බාධක! දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍ය රජය දැරූ උත්සාහයක ප්‍රතිඵල! මුදල් සහ සියලු දේපළ තහනම්! බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.