• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආචාර්ය හර්ෂට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුල්පුටුව දෙයි! I Breaking News

May 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
Breaking News
Share on WhatsAppShare on Facebook

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් බහුල නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා අද (17) ‍ දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ලෙස එම බැංකුවේ ප්‍ර‍ධාන කාර්යාලයීය පරිශ්‍රයේදී සාමාන්‍යාධිකාරී / ප්‍ර‍ධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතාගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලයේ සුභාශිංසන මධ්‍යයේ වැඩ භාරගනු ලැබීය. (Breaking News)

ආචාර්ය කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත, සමාගම් පනත, වාණිජ නීතිය, වාණිජ බේරුම්කරණය, ජාත්‍යන්තර වාණිජ නීතිය යන ක්ෂේත්‍ර‍යන්හි සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් වසර 35 ක අත්දැකීම් බහුල ප්‍ර‍වීණයකි. ජනාධිපති නීතීඥයෙකු ලෙස වසර 17 ක් කටයුතු කර ඇති හෙතෙම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා වාණිජ මහාධිකරණයේ පුළුල් අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ කැන්බරා සරසවියේ ආයතනික නීතිය පිළිබද පශ්චාත් උපාධිධරයෙක් වන අතර, 2021 වර්ෂය තෙක් වර්ෂ 06 ක් ම පැරීසියේ බේරුම්කරණය පිළිබද ජාත්‍යන්තර අධිකරණයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම, ඒකාබද්ධ ගැටුම් කළමනාකරණය පිළිබද සම්මේලනයේ නියෝජිත සාමාජිකයෙකු (FICM) මෙන්ම ජාත්‍යන්තර වාණිජ ගැටුම් පිළිබද විනිශ්චය සභාවේ නියෝජිත සාමාජිකයෙකු (ICDT) මෙන්ම එක්සත් රාජධානියේ හා අයර්ලන්තයේ වරලත් පාලන ආයතනයේ අධිසාමාජිකයෙකි. තවද, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන ඔහු, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ අතර, වත්මන් පනත වන 1995 අංක 11 දරන බේරුම්කරණ පනත කෙටුම්පත් කිරීමෙහි නිරත වී ඇත. ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ශ්‍රී ලංක‍ාවේ නීති කොමිෂන් සභාවේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබද උපදේශක කොමිසමෙහි සාමාජිකයෙකි. අධිකරණ අමාත්‍යාංශයේ බුද්ධිමය දෙපළ නීති සංශෝධන ව්‍යාපෘතියේ සභාපති මෙන්ම ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ආයතනික පාලන කමිටුවෙහි සහ ආයතනික පාලන අංශයෙහි සාමාජිකයෙකි. එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය වෙත නාමයෝජිත සාමාජිකයෙකුද වේ.

ශ්‍රී ලංකාවේ සාමාගම් නීති පිළිබද උපදේශක කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස ආචාර්ය කබ්රාල් මහතා වත්මන් පනත වන 2007 අංක 07 දරන සමාගම් පනත සකස් කිරීමට දායක වී තිබේ.

ආචාර්ය කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති වෙළදපොළ කොටසට හිමිකම් කියන ටෝකියෝ සිමෙන්ට් සමූහයේ සභාපතීත්වය දරයි. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන අතුරින් එකක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී හි හිටපු සභාපතිවරයාද විය. මීට අමතරව සීමාසහිත LOLC රක්ෂණ සමාගම, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්, රිචඩ් පීරිස් සම‍ාගම යන ආයතනයන්හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

එමෙන්ම, හැටන් නැෂනල් බැංකුවෙහි වැඩ බලන සභාපති ලෙස කටයුතු කර ඇති ආචාර්ය කබ්රාල් මහතා යූනියන් බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු‍ ලෙසද කටයතු කර ඇත.  ජාතික වෙළද ප්‍රතිපත්තිය පිළිබද අමාත්‍ය මණ්ඩල කමිටුවෙහි සාමාජිකත්වය දැරූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණය පිළිබද ජනාධිපති කොමිෂන් සභා සාමාජිකයෙකි.

ආචාර්ය කබ්රාල් මහතා ඩිමෝ පීඑල්සී, හේලීස් පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී, සීමාසහිත ටෝකියෝ සුපර් සිමෙන්ට් ලංකා , සීමාසහිත ටෝකියෝ සිමෙන්ට් පවර් ලංකා, සීමාසහිත ටෝකියෝ ඊස්ටන් සිමෙන්ට් සමාගම, සී/ස ටෝකියෝ සුපර් ඇග්‍රිගේට්, සී/ස ටෝකියෝ සුපර් මික්ස්, Chevron Lubricants Lanka PLC,සී/ස සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගම, CCC-ICLP International ADR Centre (Guarantee) Limited හා සී/ස ඩාලි ප්‍රොපර්ටි හෝල්ඩින්ස් යන ආයතනයන්හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවෙහි, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ජාත්‍යන්තර ආයතනයෙහි (SLIIT International Private Limited), නැණදිරිය ව්‍යාපෘතියෙහි සභාපති ධූරය දරන කබ්රාල් මහතා විගණන කමිටු, නාමයෝජනා කමිටු, පාරිශ්‍රමික කමිටු, ණය අයකර ගැනීම් කමිටු සහ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනුකාර කමිටු ආදී කමිටු ගණනාවකට සම්බන්ධව හා ඉන් බොහොමයක සභාපතීත්වය දරමින් කටයුතු කරයි.

මෙරට සහ විදේශ විශ්ව විද්‍යාල කිහිපයක ජ්‍යෙෂ්ඨ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ආචාර්ය කබ්රාල් මහතා කථිකයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වන අතර, ආයතනික නීතිය, බුද්ධිමය දේපළ නීතිය, වාණිජ බේරුම්කරණය, ජාත්‍යන්තර වාණිජ නීතිය පිළිබද මෙරට හා විදේශයන්හි ශාස්ත්‍රීය ලිපි පළකර ඇති විද්‍යාර්ථියෙකි. අධිකරණ කටයුතුවල නියැලීම හා ශාස්ත්‍රීය දේශන කටයුතුවලට අමතරව දේශීය හා විදේශීය බේරුම්කරණ ක්‍රියාවලීන්හි ඒකපුද්ගල බේරුම්කරු, සමබේරුම්කරු හා සභාපති ලෙස කටයුතු කර ඇති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා “ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය” ඇතුළු කෘති කිහිපයක්ම පළ කර ඇත. (Breaking News)

SendShareShare
Previous Post

දේශපාලකයෝ නිසා මීට පස්සේ රගර් ගහලා හමාරයි! ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය දැඩි තීන්දුවක් ගනී!

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව සිංගප්පූරු මහාධිකරණයෙන් වෙන අධිකරණයකට මාරු කරගැනීමේ උත්සාහයක්! I Breaking News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.