යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
පොලීසිය පවසන්නේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවය.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බව සඳහන්ය.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධියෙන් කුඩා දියණියගේ දිවි ගැලවී ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.










