කප්පරතොට ධීවර වරායේ ඇති වැලි කන්දක් නිසා සිය ධීවර බෝට්ටු එහි හිරවෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කප්පරතොට ධීවර වරායේ ඇති ගැටලු සොයා බැලීම සඳහා ගිය චාරිකාවේදී ධීවරයන් විසින් පැවසීය. මෙම වැලි පරය ඉවත් කිරීම සඳහා කොපමණ මුදලක් වැය වන්නේද කියා ඇස්තමේන්තු ගත කර තමාට දන්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය උපකාර කිරීමට සූදානම් බවත් එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමින සිටි ධීවරයන්ට පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (24) කප්පරතොට ධීවර වරායේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දීය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම කටයුත්ත සඳහා ධීවර ප්‍රජාවත් තාක්ෂණික නිලධාරින් ද සම්බන්ධ කර ගෙන සැලසුම් සකස් කර ඇස්තමේන්තු සකස් කරන ලෙසත් ඉන් පසු ධානපතියෙක් සම්බන්ධ කර ගෙන එය සිදු කර දෙන බවත් එම නිසා එය හරියටම සිදු කළ යුතු බවත් ය. මීට අමතරව කප්පරතොට ධිවර වරායේ ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමු විය.මෙම ගැටලු සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු දිනවල දී රජය දැනුවත් කරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.





















