වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .Sri Lanka Latest News
බීඩි ව්‍යාපාරිකයාගේ නිවස සෝදිසි කළ සුරාබදු නිළධාරින් කණ්ඩායමක් එහි තිබී රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා බීඩි ඔතන කොල සොයාගෙන තිබේ .
බලපත්‍ර නොමැතිව බීඩි කොල ළඟ තබාගැනීම වරදක් බැවින් සිද්ධිය ගොඩින් බේරාගැනීමට රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි. පසුව බීඩි ව්‍යාපාරිකයා වලස්මුල්ල නගරයට පැමිණ එම පිරිසට දෙවාරයකදී මුදල් ලබා දී තිබේ.
එහිදී ඔහුට පහරදුන් බව පවසා වලස්මුල්ල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය කියයි .
තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිලිබදව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වලස්මුල්ල පොලිසියට බාර දී තිබේ .










