• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඉංජිනේරු සංස්ථාවෙන් හොරකම් කළාද? සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හොරකම් කළාද? මෙන්න සාක්ෂි තීරණය ඔබට භාරයි! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සජිත් ඉංජිනේරු සංස්ථාවෙන් හොරකම් කළාද? සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හොරකම් කළාද? මෙන්න සාක්ෂි තීරණය ඔබට භාරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යවරයාව සිටියදී විවිධ වංචාවන්ට සම්බන්ධ වී ඇති බවට වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් චෝදනා එල්ල කිරීමට පටන්ගෙන ඇත. එවන් පසුබිමක නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවක හිටපු සභාපති ටී.ඒ.ජී. ගුණසේකර මහතා, සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වන අදාළ චෝදනාවන්ට පිළිතුරු දුන්නේ මෙසේය. ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේ නිරෝෂන් පාදුක්ක මෙහෙයවන Talk With Niro යූටියුබ් සංවාදයට එක්වෙමිනි.Sri Lanka Latest News

අද අපිට මුණගැහුණා මේ රටේ විවිධ ක්ෂේත්‍රයන්වල විවිධ තනතුරු දරපු වෘත්තිකයෙක්. ඔහු නමින් ටි.ඒ.ජී. ගුණසේකර. ඔබතුමා දැරූ තනතුරු මොනවද මේ රටේ විවිධ ආයතනවල?

නොයෙකුත් ආයතනවල තනතුරු දැරුවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට තමයි ජීවිතේ අන්තිම කාලයේ දිගටම ගියේ. නමුත් ඒකෙන් නිදහස් වෙලා රටේ නොයෙකුත් ආයතනවල ප්‍රධාන තනතුරු දරන්න ඉල්ලීම් ලැබිලා ඒවට ඉඩ දුන්නා මම.

අපිට කෙළින්ම කියන්න, මොන වගේ තනතුරුද? මොන රජයන් යටතේද ඔබ දැරුවේ?
විවිධ රජයන් යටතේ. නමුත් විශේෂයෙන්ම මම හිතන්නේ අන්තිමට ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා හිටියා. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිකමේ ඉඳන් ඉංජිනේරු සංස්ථාවේ සභාපතිකම දක්වා නොයෙකුත් රාජ්‍ය ආයතනවල සභාපති තනතුරුත් හයක් දරලා තියෙනවා. නොයෙකුත් විදේශීය සහ දේශීය ව්‍යාපෘතිවල ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට වැඩකරලා තියෙනවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පැමිණෙන්නට ඉස්සෙල්ලා ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ කරලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නිවාස අමාත්‍යවරයා විදිහට වැඩකරන කාලේ, ඔබතුමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති විදිහට රාජකාරී කළා. දැන් සජිත් ප්‍රේමදාස හොරෙක් කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඔබතුමා සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා ඉංජිනේරු සංස්ථාවේ හොරකම් කළාද?
නැහැ. කවදාවත් හොරකම් කළේ නැහැ. මම හිතන්නේ නැහැ මට හිටපු ඒ අමාත්‍යවරයත් එහෙම හොරෙක් කියලා කීයටවත්. අපි කිසි දවසක හොර වැඩ කළේ නැහැ. මට මතකයි පහුගිය රජයේ කාලේ දවසක ඒ කාලේ තිබුණු කෝප් එකේදී අද වර්තමාන අමාත්‍යවරයෙක්, ඒ කාලේ හිටපු සභාපතිතුමාගෙන් ඇහුවා රජයේ හොඳ එක ආයතනයක් හරි නැද්ද කියලා. එතුමා කිව්වා එකක් තියෙනවා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියලා. ඒක හින්දා මට හොඳටම විශ්වාසයි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හොරකම් කළේ නැහැ. කවුරුත් හොරකම් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. නමුත් අපි ඒ කාලය තුළ පුළුවන් තරම් ඉංජිනේරු සංස්ථාව උඩට නැග්ගුවා විතරක් නෙමෙයි, ඉංජිනේරු සංස්ථාවේ සේවය අධ්‍යාපන ක්ෂේත්‍රයේ හරි, එහෙම නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හරි, ඉදිකිරීම්වලට කරගහලා, නැත්නම් නොයෙකුත් සිද්ධස්ථානවලට හරි, සංචාරක කර්මාන්තයට අදාළ ස්ථාන හරි, සිය ගණනක් අපි කරදීලා, උරදීලා, ඒවා හරිගස්සලා දුන්නා කිසිම හොරකමක්, වංචාවක් නොවන විදිහට.

හැබැයි දැන් සමහර දේශපාලනඥයෝ හිතන් ඉන්නේ සජිත් ප්‍රේමදාස යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තිබ්බා. ඒකේ ගෙවල් විතරයි හැදුවේ කියලා. දැන් ඔබතුමා කියන විදිහට විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වෙලා තියෙනවා?
අපි නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති ගොඩක් කළා. ඒවා ලොකු ඉදිකිරීම් හින්දා. නමුත් අපි ඊට වඩා කළේ සෞඛ්‍ය සේවයේ ලොකු ගොඩනැගිලි ඉදිකිරීම. ඒ කියන්නේ කළුබෝවිල රෝහලේ තියෙන තට්ටු 14 ගොඩනැගිල්ල අවුරුදු ගානක් නටබුන් වෙලා තිබුණු එක හදලා දුන්නා.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යාංශයෙන්?
ඔව්. ඒ අමාත්‍යාංශයෙන් ලැබුණු සහයෝගය හින්දා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ. මොකද දැන් සමහර වෙලාවට අමාත්‍යාංශය අපිට බලපෑම් කළා නම්, අර එහෙම කරන්න, මෙහෙම කරන්න කියලා එකක්වත් කරන්න බැහැ. අපිට තිබුණු එකම බලපෑම තමයි කොහොම හරි මේක ඉක්මනට ඉවර කරලා දෙන්න කියන එක. ඕක ඔයාට පුළුවන්. ඕගොල්ලෝ කරන්න. ඕගොල්ලෝ කරලා දෙන්න කියලා කියනවා මිසක් වෙන කිසිම බලපෑමක් තිබුණේ නැහැ. අපි කරන දේ බැලුවා ඉක්මනට කෙරෙනවද කියලා. හරි ඉලක්කගත වැඩ තියෙන්නේ. ඒවා පසුවිපරම හැම වෙලේම කෙරුණා. අපිට හැම වෙලේම සිදුවුණා, වට්ස්ඇප්වලින් ෆොටෝග්‍රාෆ්ස් අරින්න රෑට. උදේට බලලා කියනවා මේවා කෙරුණේ නැහැ නේද කියලා. එහෙම දේවල් අමාත්‍යාංශයෙන් සිදුවුණා මිසක්, වෙන අකටයුත්තකට නම් කවදාවත් ඉඩක් ලැබුණේ නැහැ. එහෙම වුණා නම් ඒ දුන්න වැඩේවත් කරන්නේ නැතුව මම ගෙදර එනවා අකුළගෙන.

ඔබතුමා කියන්නේ ඉලක්ක දුන්නා, පසුවිපරම තිබ්බා. හැබැයි වර්තමාන ආණ්ඩුව කියනවා හොරකම් කළා කියලා?
නැහැ, ඉලක්ක දීමත්, පසුවිපරම් කිරීමත් මම අගය කළා. මම අවුරුදු 30ක්, 40ක් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. අපිටත් ඒක කරදරයක් වගේ පෙනුණට, නොනවත්වා කරන පසුවිපරම තුළින් අපේ වැඩේ කෙරිලා යනවා දැකලා පස්සේ මම හිතුවා ඒක හොඳ දෙයක් කියලා. ඒ පසුවිපරම් කිරීම තමයි වැඩිම දේ. ඊළඟට ඉලක්කගතව වැඩකිරීම, ඒව නම් උදාහරණ විදිහට ගන්න පුළුවන් අපි වැඩ කරපු අමාත්‍යාංශය. මම අනිත් අමාත්‍යාංශවලටත් ඒ කාලේ සමහර වෙලාවට උපදේශකවරු විදිහට යනවා. මම හැම වෙලේම උදාහරණයක් විදිහට කියන්නේ, බලන්න මම ඉන්න අමාත්‍යාංශයට වගේ දීලා තිබ්බා නම් ඔය වැඩේ කෙරිලා ඉවරයි මෙලහකට කියලා.

එතකොට ඔබතුමා දිගින් දිගටම කියන්න උත්සාහ කරනවා ඔබතුමාලාගේ යුතුකම් කළා කියලා. ඇයි එහෙනම් මේ ආණ්ඩුව කියන්නේ ඔබතුමාලා හොරු කියලා?
මෙහෙමයි, හොරු කියන සංකල්පය එන්න, හොරු කවුරු හරි ඉන්න ඇති. නමුත් ඒක දේශපාලන වශයෙන් පන්දුවක් බවට පත්කරගෙන දුවනවා මිසක්. හොරු ඉන්නවා නම් හොරු අල්ලන්න ක්‍රමයක් තියෙනවා රටේ. ඉතින් හොරු අල්ලලා ඒවට දඬුවම් දෙන්නත් ක්‍රම තියෙනවා. නමුත් වැඩි දෙනෙක්, මගේ ඉන්න මිත්‍රයෝ, මාත් එක්ක වැඩකරපු සියලු දෙනා සාක්ෂි දරයි මොන දේශපාලන මතවාද අපි අතර තිබුණත් කිසිම හොරකමකට ඉඩක් තිබුණේ නැත කියලා. ඉතින් එහෙම ආයතන තියෙනවා.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ කිසිදාක හොරකමට ඉඩක් තිබ්බේ නැහැ?
මට තිබුණු ආශීර්වාදයක් තමයි රජයේ ආයතන කීපයක වැඩ කරලා, ඔහොම අවස්ථාවක් හම්බ වුණා එතුමා යටතේ වැඩ කරන්න. නමුත් මේ කාලසීමාවේ නම් කිසිම කරදරයක් වුණේ නැහැ. කිසිම ටෙන්ඩරයක්, කිසිම වැඩක් ගැන වැලි කැටයක් ගන්න එකක් ගැනවත් කිසිම විදිහකින් කවුරුවත් බලපෑමක් කළේ නැහැ.

ඒ කියන්නේ ඔබතුමාගේ මේ ගෙවල් හදන්න එහෙම ඉංජිනේරු සංස්ථාවේ බඩු ගෙනහල්ලා නැහැ?
මගේ මේ ගේ හදන්න හවුසින් ලෝන් එක ඉවර වුණේ මේ ළඟදි දවසක. මේක උකස් කරලා තිබිලා. ඒක ගන්න ගියපු දවසේ එතැන හිටපු ජී.එම්. ගාවට ගිහිල්ලා ඒගොල්ලෝ ෆයිල් එක පෙන්නලා කිව්වා, මොකද ඒ ෆයිල් එකේ තියෙන්නේ මගේ තනතුර ඒ වෙලාවේ ආර්.ඩී.ඒ. එකේ සභාපති කියලා. ඔවුන් කිව්වා මෙතුමා වෙන්න ඇති ආර්.ඩී.ඒ. එකේ චෙයාර්මන් වෙලා ඉඳලා බෑන්ක් ලෝන් එකක් අරන් ගෙයක් හදපු එකම එක්කෙනා කියලා.

මම දැක්කා මේ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කියනවා නිවාස සංවර්ධන අධිකාරිය දීලා තියෙන ණයවලින් ගොඩක් ගෙවිලා නැහැ කියලා. මොකක්ද ඒ කතාවේ තේරුම?
මම නිවාස අමාත්‍යාංශයේ රැස්වීම්වල ඉඳගෙන හිටපු හින්දා මම දන්නවා, ඒ නිවාස වැඩසටහන්වලදී නොයෙකුත් වර්ගයේ මේ ණය දෙනවා. මම ඉංජිනේරුවෙක් විදිහට හරි සතුටු වුණා. අපි හිතමු මේ බාගෙට හදලා තියෙන ගෙවල්වලටත් කපරාරු කිරීමේ ණය කියලා දෙනවා. ඒක හොඳ වැඩක්. එහෙම වුණාම ඒ මිනිස්සු කපරාදු කරගත්තා ගෙවල්. හැබැයි ඒකෙ තව ටිකක් තිබ්බා, ඒ කපරාරු ණය දුන්නට පස්සේ ඒ ණයත් පසුවිපරමක් තිබ්බා. මේක පාවිච්චි කළාද? කපරාරු කෙරුවද කියලා බලන්න ලොකු, ලොකු උත්සාහයක් ගන්නවා ඒ කාලේ අමාත්‍යාංශය. ඒක නම් අගය කළ යුතුම දෙයක්. එහෙම ඉතින් නොයෙකුත් ණය ක්‍රම තිබුණා. ණය යෝජනා ක්‍රම තිබුණා. මොකද ඒ කාලේ තිබුණු රජය මම හිතන්නේ නැහැ හැම එකම නිකන් දෙන්න කැමැති වුණා කියලා. ණය ක්‍රමයක් විදිහට දුන්නේ. නමුත් ණය ක්‍රමයක් විදිහට දුන්නත් මම දැකලා තියෙනවා ඒවා කපාහරින විදියවල් තියෙනවා. ඒක හින්දා කොහොම හරි කරලා, මම නම් කියන්නේ දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා.

ඔව් ඉතින් ඔය නිවාස ණය දෙන්නේ අවුරුදු 5, 10 වගේ දිගුකාලීනවනේ. දැන් ඔබතුමාලා 2019 පැරදුණාට පස්සේ, 20 රිකවර් කරන්න ඔබතුමාලා යන්නේ නෑනේ. ඊළඟට ඉන්න ආණ්ඩුව ඒක කරනවා ඇත්තේ?
ඔව්, ඒකෙ මාරුවෙනවා මිනිස්සු. එතකොට ඒ ණය එකතු කරගන්න ඕනේ කවුරුහරි එකතු කරනවා නම්. එකතු කරන්න ගියාම ඒ කට්ටියට අමාරුවක් තියෙනවා නම් ඒකටත් ක්‍රම ඇතිවෙලා තියෙනවා ලංකාවේ. ඒකට ප්‍රාදේශීය නිලධාරීන්, සේවකයෝ ඉන්නවා. එහෙම කරනවා මිසක්, කොහොම හරි ගෙවල් හදපු එකටත් අපි ඇටෑක් කරන්න ගියොත් කාටවත් ගෙවල් හදාගන්න ව්‍යාපෘති නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒකයි මට තියෙන දුක මේ මිනිස්සු දුක් විඳිනවනේ ගෙවල් නැතුව.

එතකොට මේ ආණ්ඩුව කියන්නේ පැරදිච්ච සජිත් ප්‍රේමදාස රිකවරි ඔෆිසර් කෙනෙක් විදිහට ගෙවල් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරලා ආයෙත් ආණ්ඩුවට දෙන්න ඕනේ කියලා. ඒකද මේ කියන්නේ?
දේශපාලන වශයෙන් ඒක කිව්වට, මහ ජනතාව මම හිතන්නේ නැහැ ඒ විදියට භාරගනීද කියලා. නමුත් එහෙම කියනවා නම් ඒක වැරැද්දක්.

ඔව් ඔබතුමා බොහොම පැහැදිලිව කියනවා සජිත් ප්‍රේමදාසට හොරෙක් කියන්න අවස්ථාවක් නැහැ කියලා. එතුමා තමන්ගේ සීමාව ඇතුළේ වැඩ කළා. සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා ජනතාව වෙනුවෙන් වැඩ කළා කියලා?
කොහොමවත් මම හිතන්නේ නැහැ. මම ඇත්තටම අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා, සභාපතිවරයෙක් වුණාට පස්සේ තමයි එතුමා කවුද කියලා දැනගත්තේ. මම හරියට අගය කරනවා. මොකද මම අවුරුදු ගානක් තිස්සේ එක එක අයත් එක්ක වැඩ කරලා, ඒ වගේ තද ප්‍රතිපත්ති තියෙන අමාත්‍යවරයෙක් මම දැකලා තියෙන්නේ කලාතුරකින්. මොකද එහෙම තද ප්‍රතිපත්තියක් තියෙනවා ඇඟේ. ඒ කියන්නේ කිසි දවසක, කිසිම දෙයකින් මේ තමන්ට වාසියක් ගන්නේ නැහැ කියලා. අපි ඒ කාලේ දන්නවා අපේ රැස්වීම්වලට ගියාම, එතුමා කඩදාසි ප්ලේට්වලට ක්‍රිස්කෝ පහක් තියලා තමයි ප්ලේන්ටී එකකුත් එක්ක දෙන්නේ. රැස්වීම පැය හතරක් යනවා. අර ක්‍රිස්කෝ පහයි, ප්ලේන්ටී එකයි දෙන්නේ. ඊට පස්සේ එතැන ඔෆිස් එකේ කට්ටිය කියනවා, ‘ඔය ටිකත් ඇමැතිතුමා ගෙදරින් ගේන්නේ’ කියලා.

එහෙම ගෙදරින් ගෙනැල්ලා ක්‍රිස්කෝ පහක් කන්න දීපු මනුස්සයට තමයි දැන් මේ ආණ්ඩුව හොරෙක් කියලා කියන්නේ?
සමහර වෙලාවට ඉතින් එහෙම කරපු එක වැරැද්දක් කියල එතුමාගේ ගෙදර කට්ටියත් හිතනවා ඇති දැන් මොකද මෙහෙම වුණාම. ඒක හින්දා දැන් ආයෙ නම් ඕවා කරන්න එපා, ඔය මෝඩ වැඩ කියලත් හිතෙනවා ඇති. නමුත් ඒවා හොඳ ප්‍රතිපත්ති, හොඳ පුරුදු ඇත්තටම. හොඳ ආදර්ශ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරපු ආකාරය සහ ඊට පෙර හිටිය ඇමැතිවරු කටයුතු කරපු ආකාරය අතර වෙනස ඔබතුමා දකින්නේ කොහොමද?
සජිත් ප්‍රේමදාස මහතා සමග හරි අමාරුයි වැඩ කරන්න ඇත්තටම බැලුවොත්. ඒ කියන්නේ වැඩ කරන කෙනාට පහසුයි. වැඩ නොකරන කෙනාට හරි අමාරුයි. එතුමාගේ තියෙනවා රැස්වීම් පැවැත්වීමේ ක්‍රමයක්, මම ඈත ඉඳන් බලන් ඉන්නවා සමහර වෙලාවට, පැය භාගයක් විතර යනවා, ඊට පස්සේ පරලවීමක් තියෙනවා. ඒකට අහුවුණාම කිසි කෙනකුට බේරෙන්න බැහැ. ඒක කිව්වොත් ලබන සුමානේ ඒක තියෙන්නම ඕනේ. අද එකක් කියලා හෙට තව එකක් කියන්න බැහැ. ඒක හින්දා මම හිතන්නේ ඩිසිප්ලීන් වුණා හැම එක්කෙනාම. අපි නම් කොහොමත් එහෙමයි. වචන දෙකක් කියන්න පුරුදු වෙලා නැති නිසා, එහෙම කරලා තමයි ඒ වගේ ප්‍රගතියක් ගන්න පුළුවන් වුණේ.

ඒ ඩිසිප්ලින් කිරීම තුළම සජිත් ප්‍රේමදාසට විරුද්ධවාදීන් හිටියද මේවා ඇතුළේ?
ඔව්, බැරි අය මම හිතන්නේ දමලා යන්න ඇති. අපි වගේ අය හිටියා අපිට ඒක සතුටක් වුණා. ඒ කියන්නේ කිසි හොර බොරුවක් නැහැ. ඊළඟට අපිට ඉලක්කයක් දෙනවා. අපිව හිර කරනවා. නමුත් අපිම අන්තිමට ඒක කරලා ඉවර වෙලා සතුටු වෙනවා. නැත්නම් කෙරෙන්නෙත් නැහැනේ. දැන් අපි ගෙවල්වල ළමයින්ට වුණත් පාඩම් කරන්න ඉලක්ක දෙනවා. එහෙම අමුතු පරිසරයක් එතැන අපි දැක්කා.

ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිබඳ ඔබතුමාට 100%ක් විශ්වාසයි. එතුමා හොරෙක් නෙමෙයි. එතුමා රට වෙනුවෙන් වැඩ කළා?
ඔව්, මම වැඩ කරපු කාලය තුළ මම ඒක හොඳින් දැක්කා. වාහන පවා මම හිතන්නේ ගෙදරින් ගෙනැල්ලා ඒ කාලේ දුවන්නේ. අපිත් පුදුම වෙලා බලන් හිටියා. අපිත් වෙන අයත් එක්කත් වැඩ කරලා තියෙන නිසා. එතුමා තුළ අනෙක් අයට වඩා හරිම වෙනස්කමක් මට ඒ වෙලාවේ පෙනුණා.

දැන් සංස්කෘතික අරමුදල සම්බන්ධයෙනුත් විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතකොට ඔබතුමා ඉංජිනේරු සංස්ථාවේ හිටියේ. එය මේ හා බැඳිච්ච ආයතනයක්. ඔබතුමාට කිසියම් චෝදනාවක් නැද්ද ඉංජිනේරු සංස්ථාවට සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන්?
මෙහෙමයි, මට මතකයි සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාත් එක්ක අපි ඒ අමාත්‍යාංශයේ වැඩ කරනකොට එක සැරේක ඒ අමාත්‍යාංශයේ වෙනස්කමක් ඇතිවෙලා ඒ සංස්කෘතික කටයුතුත් ඒකට අමුණපු දවස. එදාම මටත් හිතුණා කතා කරනකොට නම්, දැන් ඉතින් ඉංජිනේරු සංස්ථාවටත් බේරිල්ලක් නැති වෙයි කියලා. ඒ වගේම එතුමා පළමු දවසේ ඉඳන්ම සංස්කෘතික කටයුතුවලට අදාළ දේවල්වලට බැහැලා වැඩ කරලා ඉදිකිරීම් අපිටත් පැවරුවා. ඒ පවරපු ඉදිකිරීම් අපි ඉතා උනන්දුවෙන් කළා. මට මතකයි පාස්කු ප්‍රහාරය ඉවර වෙලා, කොච්චිකඩේ පල්ලියේ ගාව දෙවැනි බෝම්බේ පිපිරෙන්නත් ඉස්සෙල්ලා, අපිට පණිවුඩයක් ආවා වහාම එතෙන්ට යන්න කියලා. අපි ගියාම කිව්වා ඉංජිනේරු සංස්ථාව භාරගන්න ඕනේ මේකේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. නේවි එකෙන් දෙයි ලේබර්ස්ලා. ඕගොල්ලෝ මේක හදන්න ඕනේ ඉක්මනට කියලා. ඊට පස්සේ අපි සුමානයක් පාසා මීටින් තියලා, කටුවාපිටිය පල්ලිය, කොච්චිකඩේ පල්ලිය යළි ගොඩනැගුවා. මම හිතන්නේ කතෝලික පල්ලියෙන්වත් හිතුවේ නැහැ මාස හයකින්වත් ඒ කටයුතු ඉවර කරන්න පුළුවන් වේවි කියලා. ඒක මාස දෙකහමාරකින් අපි ලවා කරවා ගත්තා. ඒකට මේ නායකත්වය දුන්නේ අර ටෝන් එකෙන්මයි. ඉලක්ක, පසු විපරම්, රිලෙන්ට්ලස්. ඒ කියන්නේ පොඩ්ඩක්වත් මහන්සි නොබලා කරපු ඒ කැපවීම. ඒවා මම ඉතින් සාමාන්‍යයෙන් හැම කෙනා එක්කම වැඩ කරලා මම මේ පුදුම වෙලා සමහර වෙලාවට බලන් ඉන්නවා.

නමුත් අපි අපේ යුතුකම කළා. ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරු සංස්ථාවේ යුතුකම හොඳටම කළා. ඒ අතර ඉතින් ඔය ‘දහම් සෙවන’ වැඩසටහන වගේ දේවල් එක දවසට අපිට කියනවා 50ක් පටන් ගන්න ඕනේ. මෙච්චරයි සල්ලි දෙන්නේ. හැබැයි මට අවුරුදු 50ක් මේකට වොරන්ටි ඕනේ කියලා. මුළු ලංකාව පුරාම තිබුණු සංස්කෘතික කටයුතු කවදාවත් කරලා නැති. අභයගිරිය විහාරයේ මම හිතන්නේ රජ කාලේ පටන්ගත්තට පස්සේ පළමු දාන ශාලාව හදලා දෙන්න කියලා. ඒ වගේ ගොඩක් දේවල් අපිට පවරනකොට, ඉංජිනේරු සංස්ථාව කර ගහලා, අපි දිවා රෑ නැතුව වැඩ කළා. ඒකෙන් මම හිතන්නේ නැහැ ඉංජිනේරු සංස්ථාවටත් අවාසියක් වුණා කියලා. ඒ සේවකයෝ නිකන් බුදියගෙන ඉන්න පුරුදු වෙලා හිටියා, පඩි දීගන්න බැරුව හිටියා. එහෙම නැති ආයතනයක් බවට පත්කරලා, ඒ කාලේ හිටපු කෝප් කමිටුවේ සභාපතිතුමාගෙනුත් ප්‍රශංසා ලැබුවා.

ඒ කියන්නේ මළකඩ කාපු රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස කැරකුණා සජිත් ප්‍රේමදාස යුගයේදී?
ඔව්, ඒ කියන්නේ අපිට වැඩ පැවරුවා. එහෙම නොවුණා නම් තාමත් ඔය අද තියෙනවා වගේ තියෙන්නත් ඉඩ තිබ්බා. එහෙම නොවුණා නම් ඒක වෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුණා.

ක්‍රිස්කෝ බිස්කට් පහක් ඔතලා ගෙනල්ලා නිලධාරීන්ට කන්න දීපු අමාත්‍යවරයා, ඒ අමාත්‍යවරයා මේ වනකොට හොරෙක් කියලා කියන්න මාලිමා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මෙතුමා කියනවා, සජිත් ප්‍රේමදාස කියන්නේ ඊට එහාට ගිය පිරිසිදු නායකයෙක් කියලා. තීරණය ඔබට බාරයි.

Talk With Niro

SendShareShare
Previous Post

ලංකාවට හරියන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

Next Post

1917 හදපු දවසෙ ඉඳලා පරණ පුරුදු විදිහට තියෙන කොටුව ස්ටේෂන් එක කණපිට පෙරළන්න බිමල් ලෑස්ති වෙයි! වියදම මිලියන 1395ක්! කෝච්චියේ යන අය ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබන්න සූදානම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.