ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ ඊ දින හෙවත් මාර්තු 8 වෙනිදා යි.Sri Lanka Latest News
ඒ පිළිබඳව විවිධ රාජ්‍ය සැමරුම්, අගය කිරීම් පැවති ඊයේ දිනයේ වාර්තා වන්නේ කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක තුවා සඳහා අධික බදු බරක් පටවා ඇති බවයි. ඒ පිළිබඳව තොරතුරු අනාවරණය කරන Public Finance නම් ආයතනය මෙම බදු ගැන සටහන් කරන්නේ එය බර අවි මත පටවන බද්දටත් වඩා වැඩි බද්දක් බවයි.
“පවුලකින් රටකට, රටකින් ලෝකයට කාන්තාවන් කරන මෙහෙවර අගය කරන්නට දවසක් මදියි කියන එකයි අපේ නම් හැගීම.
ලංකාව ගත්තොත් අධ්‍යාපනය සහ කුසලතා අතින් අද අපේ කාන්තාවන් පිරිමින් අභිබවා යමින් සිටිනවා. නමුත්, ඔවුන්ගේ ඒ දියුණුව රටේ සංවර්ධනයට දායක කරගන්නට ප්‍රමාණවත් අවස්ථා කාන්තාවන්ට ලැබී තිබෙනවා ද, කියන එක ගැටලුවක්. මේ කාරණය පර්යේෂණ සහ විශලේෂණ හරහා අපි නිතර අවධානයට ලක් කරන දෙයක්.
සංවර්ධනයට දායක කරගන්න කතාව පැත්තකින් තිබ්බත්, කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතය පහසු කරන්නට අපි අවශ්‍ය තරම් පියවර අරගෙන තියෙනවා ද, කියන එකත් ගැටලුවක්.
හොඳ උදාහරණයක් තමයි මේ. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත පනවලා තියෙන බදුවල බර, රත්‍රන්වලට, සිල්ක්වලට සහ කොටින්ම ගොල්ෆ් පිතිවලට සහ කාලතුවක්කුවලට පනවලා තියෙන බදු බරට වඩා වැඩියි.
මේ අයිතමයන් වැට් බද්දට අමතරව සමාජ ආරක්ෂණ බදු සහ රත්‍රන්වලට නම් සමාජ ආරක්ෂණ බදුවලට සහ සාමාන්‍ය බදුවලට යටත් වෙනවා. හැබැයි, කාන්තා සනීපාරක්ෂක තුවාවලට වැට් බද්දත්, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්දත්, සෙස් බද්දත්, සමාජ ආරක්ෂණ බද්දත් හැටියට බදු වර්ග 4ක්ම පැනවෙනවා.
කාන්තා දිනයට, කාන්තාවන් ගැන මෙහෙම සටහන් තබන්නට සිදුනොවෙන වෙනසක් රටේ සිදුවේවාය කියන එකයි අද කාන්තා දිනයේ අපේ පැතුම” යි ඔවුන් ඊයේ සඳහන් කර තිබෙනවා.