තම පියා වූ පමණින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සියලු දේ අනුමත නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එමෙන්ම තමන් පියා කළ කළ කී සියලු දේ ඒ ආකාරයෙන්ම අනුගමනය නොකරන පුතෙක් නොවන බවද හෙතෙම පැවසීය.
තම පියාගේ වැදගත් වැඩ කටයුතු ඉදිරියට ගෙන යන බවත් අඩුපාඩුකම් තිබුණේ නම් ඒවා බැහැර කරන බවත් හෙතෙම කියා සිටියේය.
‘මං රණසිංහ ප්‍රේමදාසගෙ පුතා වූ පලියට ඔහු කී කළ සියලු දේ හරි කියන්නේ නෑ’ යයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ දී විවාදයක් අතරතුර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සංවාදයක දී මෙම අදහස් පල කළ විපක්ෂනායකවරයා අගමැතිවරයා කියන සෑම දෙයක්ම ඔහුගේ පුතා සිදුකරනවාදැයි පෙරළා ප්‍රශ්න කර සිටියේය.
SAJITH PREMADASA DINESH GUNAWARDENA