ජනාධිපතිවරයා දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් හිගා කෑ බව කියා සිටියද ඒ මුදල් නැවත ගෙවිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සල්ලි නෑ කියලා කල්දැම්මා. රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරනවිට ආණ්ඩුව කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්ව නිසා වැඩි කරනවා කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගය පැහැදිලිව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳව රටවල් රැසක් සමඟ සාකච්ඡා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ලිහිල් කරගන්න ද එම රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරන්න කටයුතු කරනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන රටේ කර්මාන්ත වලට මරු පහරක් එල්ල වී තිබෙනවා.
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. අධික විදුලි බිල සමඟ රටේ ව්‍යාපාරවල තිබෙන තරඟකාරීත්වය අවම වෙලා තිබෙනවා. රටේ නිෂ්පාදන වියදම වැඩි වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය කාර්යක්ෂම කිරිමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්
ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ අපේ රටට තරඟ කරන්න නොහැකි වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයාබැලිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුතු කාරක සභාවක්ද පතකරනු ලැබුවා. නමුත් එයින් කිසිදු ප්‍රගතියක් සිදුවෙලා නෑ.
ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකරගැනීමට තිබෙන ණය ප්‍රමාණය ට්‍රිලියනයක් පමණ වෙනවා. ඒ මුදල් ප්‍රමාණය අයකර ගන්නේ නැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට අයකරන බද්ද සියයට 18 කින් වැඩි කරලා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය කියනවා වැට් බද්ද සියයට 15 දක්වා අඩුකරනවා කියලා. මෙයින් පෙනි යන්නේ රජයට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි. මේ හේතුවෙන් රටේ තිබෙන කර්මාන්තශාලා දැඩි අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා රටට පැමිණෙන ආදායම් මාර්ග අවහිරවෙනවා. රජය කඩාගෙන වැටුණ ව්‍යාපාර නගා සිටුවන්න , අලුත් ආදායම් මාර්ග ඇතිකරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක නෑ. රජයේ එකම පරමාර්ථය සාමාන්‍ය ජනතාවට බදු ගහලා රට තව තවත් බංකොලොත් කිරිමයි.
රාජපක්ෂලා විනාශ කරපු බංකොලොත් කරපු රට යළි ගොඩගන්න ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.
සමගි ජනබලවේගය ආරම්භ කළ දවසේ සිට ශක්තිමත් සම්බන්ධතාවයක් විදෙස් රටවල් සමඟ පැවැත්වුවා. රටේ ප්‍රශ්න විසඳුන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාන යනු ලෝකයේ දියුණුතම රටවල් අතරින් එකක්. ආර්ථික වශයෙන් බලවත් වන රටක් ලෙස ඉන්දියාව හදුන්වා දෙන්න පුලුවන්. එනිසා ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ගණුදෙනු කළ යුතුයි. ඉන්දියාව සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනයක් වන ආකාරයේ කටයුතු සිදුකළ යුතුයි. කිසි වෙලාවක රට බාල්දු වන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය අනුගමනය කරන්නේ නෑ.










