• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එර රට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.

පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් බලපෑවේය. 

නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව, මෙම අනතුරෙන් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසුකම්පන 782ක් වාර්තා වී ඇති නමුත්, එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතී බව සඳහන් වේ.

දැනට විපතට පත් ප්‍රදේශවල ජාත්‍යන්තර මුදාගැනීමේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් සහ වෙනිසියුලානු හමුදාව, පොලිසිය, ගිනි නිවන භටයන් ඇතුළු 26,000ක පිරිසක් සහ ස්වේච්ඡා සේවකයන් 17,800කට වැඩි පිරිසක් සහන සේවා සඳහා යොදවා තිබේ.

මේ වන විට මුදාගැනීමේ මෙහෙයුම්වලට වඩා මානුෂීය ආධාර සැපයීම කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.

 කෙසේ වෙතත්, සුන්බුන් අතර තවමත් කොපමණ පිරිසක් සිරවී සිටින්නේද යන්න විශාලතම ගැටලුව වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇති පරිදි, තවමත් පුද්ගලයන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව හෝ සොයා ගැනීමට නොහැකිව පසුවේ. 

සිවිල් සංවිධාන පවත්වාගෙන යන දත්ත පද්ධතිවලට අනුව ද අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 43,000කට අධිකය.

භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමක් එල්ල වූ වෙරළබඩ ප්‍රාන්තයක් වන ‘ලා ගුවයිරා’ හි කැටියා ලා මාර්, කරබලෙඩා සහ ලොස් කොරාලස් වැනි ප්‍රදේශවලින් මේ වන විට දැඩි මළ සිරුරු කුණු වීමේ ගන්ධයක් වහනය වන බව වාර්තා වේ. 

කඩා වැටුණු මහල් නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතර තවමත් විශාල පිරිසකගේ සිරුරු පවතින බවට මෙය සාක්ෂියක් වන අතර, මේ හේතුවෙන් සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බවට වැසියන් බිය පළ කරති.

වසර ගණනාවක ආර්ථික බිඳවැටීම හේතුවෙන් වෙනිසියුලාවේ ආයතනික පද්ධතිය දුර්වල වී පැවතීම, මෙවැනි මහා පරිමාණ ව්‍යසනයක් පාලනය කිරීමට බාධාවක් වී ඇත.

ලා ගුවයිරා හි මෘත ශරීරාගාර පිරී ඉතිරී ගොස් ඇති අතර, වරාය ආසන්නයේ එළිමහන් තාවකාලික ස්ථාන සකසා මළ සිරුරු හඳුනා ගැනීමට පවුල්වල අයට අවස්ථාව සලසා දී තිබේ.

එරට වාර්තාවලට අනුව මේ වන විට පවුල් 81,589කට සහන සලසා ඇත.

ආහාර කිලෝග්‍රෑම් මිලියන 8.89ක් බෙදා හැර තිබේ.

රෝගීන් 17,026 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඉන් 4,565 දෙනෙකු රෝහල්ගත කර ඇත.

නිවාස අහිමි ව අවතැන්වූවන් සංඛ්‍යාව 12,841 කි.

අවතැන් වූවන් සඳහා රට පුරා තාවකාලික කඳවුරු 25ක් ක්‍රියාත්මක වේ. අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ගේ නියෝගය පරිදි, මෙම කඳවුරු වඩාත් ශක්තිමත් තාවකාලික නවාතැන්පොළවල් බවට පත් කිරීමට කටයුතු යොදමින් පවතී. එමෙන්ම නිවාස අහිමි වූ වෛද්‍යවරුන්, හෙදියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා කරාකස් නුවර හෝටල්වල තාවකාලික නවාතැන් පහසුකම් සලසා ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද, පිරිසිදු පානීය ජලය නොමැතිකම, විදුලි බිඳවැටීම් සහ සන්නිවේදන ගැටලු හේතුවෙන් විපතට පත් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. තවදුරටත් පසුකම්පන ඇතිවේය යන බිය නිසා බොහෝ දෙනෙක් ඉරිතලා ගිය නිවාසවලට යාම ප්‍රතික්ෂේප කරන බව වැඩිදුරටත් සඳහන්වේ.

SendShareShare
Previous Post

තොරතුරු තාක්ෂණ-විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට අනුරගෙන් ඉලක්කයක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !
Exclusive

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තොරතුරු තාක්ෂණ-විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට අනුරගෙන් ඉලක්කයක්! PHOTOS I Sri Lanka Latest News

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබෙනවා.Sri Lanka Latest News ඒ ‘කෙහෙල්බැද්දර...

Read more
කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.