• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තත්ත්වය භයානකයි! තමන්ම ලොක්ඩවුන් වෙන්න! සජබෙ පක්ෂ නායකයන් ඒකාබද්ධව ජනතාවගෙන් ඉල්ලපු දේ!

August 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
තත්ත්වය භයානකයි! තමන්ම ලොක්ඩවුන් වෙන්න! සජබෙ පක්ෂ නායකයන් ඒකාබද්ධව ජනතාවගෙන් ඉල්ලපු දේ!
Share on WhatsAppShare on Facebook

මෙම තීරණාත්මක හෝරාවේ ව්‍යසනයෙන් මිදී සිටීමට නම් ජනතාව විසින් ස්වයං ලොක්ඩවුන් කිරීමක් සිදු කර ගත යුතු බව සමගි ජන බලවේගය සමග සන්ධානගත පක්ෂ නායකත්වය විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එහි මෙසේද සදහන්ය.

මේ තීරණාත්මක හෝරාවේ ස්වයං ලොක්ඩවුන් වීමකට යොමු වෙන ලෙස සමස්ථ ජනතාවට අයාචනා කරමු.

කොවිඩ් වසංගතය පාලනය කල නොහැකි තත්ත්වයකට පත්ව පැතිරෙමින් පවති. මේ මොහොතේ ආණ්ඩුව සිය වගකීම් සහ වගවීම පසෙකලා කටයුතු කිරීම අතිශය ඛේදනීය තත්වයකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ජාත්‍යන්තර සහ ජාතික වෛරස පිළිබඳ වු වෛද්‍යවරුන් පෙන්වා දි ඇත්තේ රට වහාම විද්‍යත්මක ලොක්ඩවුන් තත්ත්වයකට පත් කළ යුතු බවයි. නමුත් රජය මෙම උපදෙස්වලට ඇහුම්කන් දීමක් නොකර අත්තනෝමතිකව ක්‍රියා කරන බව පෙනේ. මේ මොහොතේ නවසීලන්තයේ අගමැතිවරිය එක් ඩෙල්ටා ආසාදිතයකු හමුවූ විට රට වසා දමමින් වහාම පියවර ගැනීම පුර්වාදර්ශයක් නොව පරමාදර්ශයකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඩෙල්ටා වෛරසයේ විකෘතින් තුනක් හමුවී ඇති බව චන්න ජයසුමන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී යුද හමුදාපතිවරයා කියා සිටින්නේ අත්‍යවශ්‍ය කරුණකට පමණක් නිවසින් බැහැර වන ලෙසයි.

ආණ්ඩුව එක් පැත්තකින් වෛරසයේ විකෘති ප්‍රභේද ව්‍යප්තිය ගැන කියන අතර ජනතාවට නිවෙස්වලින් බැහැර නොයන ලෙස ඉල්ලා සිටි. එසේම රට ලොක්ඩවුන් නොකරන බව ද කියා සිටි. මෙම හතරබීරි කථාවේ අර්ථය කුමක්ද ?

දිගින් දිගටම කොවිඩ් වසංගතය සිය දේශපාලන න්‍යාය පත්‍රය තුල තීරණ තින්දු ගත් ආණ්ඩුව ජනතාවගේ ජිවිත ඝාතනය කරන තැනට අද පත්ව තිබේ. ආණ්ඩුව මෙම ගැටලුව විසදීමට යොජනා කරනුයේ ජන ජිවිතය දෙවියන්ට භාර කරන බවයි. මෙය කියනුයේ ආණ්ඩුවේ කැබිනට් මංඩලයේ මාධ්‍ය ප්‍රකාශකයි. එබැවින් මෙය සරල ප්‍රකාශනයක් ලෙස බැහැර කල යුත්තක් නොවේ. ආණ්ඩුවේ පෙර ක්‍රියාකාරකම් ද මිත්‍යා මතවාද තුල කොවිඩ් වසංගතයට පිලියම් සෙවූ බව නොරහසකි. මුට්ටි පාකිරීම, කාලි පැණිය, රිටිගල පැණි වැනි ව්‍යපෘති ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරලීමට ගත් පියවර එයට නිදසුන් වේ. සාමාන්‍ය ජනතාව දෙවි පිහිට යදිනුයේ වෙනත් කිසිදු විකල්පයක් නැති විටකදීය. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක දෙවියන්ට ජනතාව බාර දීම තුලින් ගම්‍ය වනුයේ ආණ්ඩුවට මෙම වසංගතය පාලනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.

රටේ ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගත යුතු බව ආණ්ඩුවේ මතය වී තිබේ. රටේ ආර්ථිකය බිද වැටීම නිසාත් ජාත්‍යන්තරය තුළ බිදගත් විශ්වාසය නිසාත් ආණ්ඩුවට රට ලොක්ඩවුන් තත්ත්වයකට පත්කොට ජනතාවට සහාය වීමට නොහැකි වීම සගවා තැබීමේ බොළඳ උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් සිටී. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා රට ලොක්ඩවුන් කළහොත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට ආර්ථික ශක්තියක් නොමැති බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තුළ එය තහවුරු වේ.

ආණ්ඩුව දැන් සිදු කරන්නේ කුමක්ද? රාජ්‍ය සේවකයින් වැඩට කැඳවීම අතාර්කික සංචරණ සිමා සහ මාධ්‍ය නිවේදන, ගැසට් නිවේදන ආදි විහිලු සහගත ක්‍රියා තුල රටේ ජනතාවගේ ජීවිතය අනතුරේ හෙලිමයි. දෛනික ආසාදිතයින් හමුවීම ඉලක්කම් හතරේ අගයට පත්වෙද්දී දෛනික මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනේ අගය තුල වැඩි වෙද්දී රට වසා නොදමන්නේ ජන ඝාතනයක නියලෙමින් කොවිඩ් වසංගතය පාලනය කිරිමට ද යන්න අප ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමු. උද්දච්කම, බලය තුල සත්‍ය වටහා නොගැනීම මෙන්ම නොහැකියාව අද ආණ්ඩුවේ තුන්සරණය බවට පත්ව තිබේ. මේ මොහොතේ අහිමි වන සෑම ජිවිතයකටම ආණ්ඩුව වගකිව යුතුය.

මේ තීරනාත්මක හෝරාවේ සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ වෛද්‍ය උපදෙස් සහ මග පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත් වන ලෙසයි. අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින දහය තුල එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසයි. මන්ද ආණ්ඩුවට මෙහිදී ජනතාවගේ ජීවිත සුරකීමට කිසිදු වැඩපිළිවෙළක් හෝ අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලිවම දක්නට ලැබෙන නිසාය.

සජිත් ප්‍රේමදාස

රවුෆ් හකීම්

මනෝ ගනේෂන්

අමීර් අලී

සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

ලියාපදිංචි කළ වාහන සම්බන්ධ වංචා අවම කිරීමට AMW වෙතින් විශේෂ වැඩපිළිවෙළක්

Next Post

කසාද බඳින්න ඉතාලියේ සිට ආ දංකොටුවේ නිර්මාල් කොරෝනාවෙන් මරුට! මවත් සති 2කට පෙර කොරෝනාවෙන්ම මියගිහින්!

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.