• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහස අඬපු කඳුළු බිංදු මහ වැස්සට හේදුණා පුතේ උඹට වූ විපතට ඇතාගලත් වැලපුණා…

September 12, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
දරුවන් කානුවල එලොව යද්දි පේන්නෙ නෑ බඩගින්නට ඉඳුල් කද්දී දඬුවම් කරනවා එක රටක් නීති දෙකක්…
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්න සිද්ධ වෙච්ච එක ගැන පත්තරකාරයෙක් විදියට මම අතිශය කනගාටුවට පත්වෙනවා. මේ වගේ රටක ඉපදෙන්න සිද්ධ වීම ගැනත් කනගාටුවට පත්වෙනවා. ඒත් මේ ලිපියට අදාළව එකම එක මොහොතක සතුටු විය හැකි තැනක් හම්බවුණා. ඒ තමයි කුරුණෑගල මිනිස්සුන්ගෙ වෙහෙස, කුරුණෑගල මිනිස්සුන්ගෙ මනුස්සකම ඇස් දෙකෙන් දැක්ක හින්දා. 14 හැවිරිදි සජිත මේ කතාව අපට කියලා අද වෙනකොට ලෝකෙන්ම සමු අරගෙන ගිහිල්ලා ඉවරයි.

එකමත් එක දවසක අහස හඬාවැටුණු හෝරා කීපයක් කුරුණෑගල පොළොව හැඩිකෙරුවා. මහ වැස්සෙන් එකතු වෙච්ච වතුර ඇතුගල්පුරේ මංමාවත් දිගේ හිතුවක්කාර විදියට ගලා යමින් තිබුණා. කොහේ සිට කොහේ යනවාදැයි නොදන්නා මේ වතුර දිගේ බොහෝ දේ පාවෙලා ගියා. මිනිස්සු තැන් තැන්වල නතර වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. වැස්ස ඉස්පාසුවක් නැතුව මහ පොළොවට කඩාපැන්නා. අහස ගෙරෙව්වා. ඈතින් හමන හුළඟ අතු ඉති අඹරවලා ඇතුගල පැත්තට පැනලා දිව්වා. කාටවත් වැස්ස නවත්තන්නවත් හුළඟ නවත්තන්නවත් පුළුවන්කමක් තිබුණේ නෑ. මේ හුළඟට මේ වැස්සට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කාටවත් එහෙම ලොකු අදහසක් තිබුණෙත් නෑ. මහ පොළොව සරු කරන වැස්සම, මහ පොළොවට හුස්ම දෙන වැස්සම වෙලාවකට දරුණු වෙලා චණ්ඩ වෙලා මිනිස්සුන්ගෙ ජීවිත උදුරාගන්න බව හුඟක් දෙනෙක් දැනගෙන හිටියා. අරනායක කන්ද මුදුනේ ජීවිත සිය ගානක් කාටත් හොරා අරගෙන ගියෙත් මේ වැස්සමයි. ඊට හරියටම අවුරුද්දකට පස්සේ කඳු කඩාවැටිලා ගංගා පිටාර ගලලා මිනිස්සුන්ගෙ ජීවිත උදුරගත්තේ මේ වැස්සමයි. එදා කුරුණෑගලට ආපු වැස්ස ඒ තරම් දරුණු වෙයි කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. සජිත මලියදේව ආදර්ශ විද්‍යාලයට ගිහිල්ලා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යමින් හිටියා. වෙනදා පුරුදු පාරෙම සජිත වෙනදා වගේම ගෙදර ගියා. අහල පහළ හිටියේ දන්න කියන ගහකොළ වැල් මල් විතරයි. අහල පහළ තාප්ප බිත්ති පවා සජිතව හඳුනනවා. ඒ නිසා සජිතට මේ මංමාවත්වල අමුත්තක් දැනුණේ නෑ. වෙනදා පාරෙම සජිතත් එක්ක ඉස්සරහට යමින් හිටියේ වැහි වතුරෙන් හැදිච්ච දුඹුරුපාට ගංගාවක්. ඒ ගංගාවත් එක්ක සජිතත් හුරු පුරුදු පාරේ පුරුදුකාරයෙක් වගේ ගෙදර ගියා. ඒ, අවුරුදු 14ක් තිස්සේ සජිත ආගිය මංතොටවල්. තාත්තගෙ අතේ එල්ලීගෙන අම්මගෙ උණුසුමට තුරුලු වෙලා ආව ගියපු පාරේ සජිතට වෙනසක් අමුත්තක් දැනුණේ නෑ. ඒත් අවාසනාවකට එදා සජිත නොදන්නා එකම එක දෙයක් මේ පාරෙ වෙමින් තිබුණා. ඒ තමයි වතුර ගංගාවක් වගේ පිරිලා තියෙනකොට බෝක්කුවල ගැඹුර සජිතට පෙනුණේ නෑ. වෑන් එකකට අයින් වෙච්ච සජිතව මේ දියේ නොපෙනී යන හැටි කවුරුත් දැකලා තිබුණෙ නෑ. කවුරුත් දැනගෙන හිටියෙ නෑ. සජිත කොච්චර පොර බැදුවද, අම්මේ කියලා කෑගැහුවද, තාත්තා එයි කියලා හිතාගෙන හිටියද කියලා අපි දන්නෙ නෑ. ඒත් සජිත මේ බෝක්කුව අස්සේ හැංගුණු බව දැනගත්තු ගමේ මිනිස්සු මේ වැස්සේ තියෙන නපුරුකම නොහිතා පැය ගණනක් තිස්සේ වතුරත් එක්ක ඔට්ටු වුණා. කොහෙන් ගෙනාවද කියලා හිතාගන්න බැරි විදියේ බැකෝ කිහිපයක්ම මෙතැනට ඇවිල්ලා තිබුණා. පොලිසියේ කාකි ඇඳුම් ඇඟට ඇලිලා තියෙන හැටි අපි දැක්කා. සමහර පොලිස් නිලධාරීන් පැය එකහමාරක් තිස්සේ වැස්සේ හිටගෙන හිටියා. එක මොහොතකට හෙල්ලුණේ නැති නිලධාරීන් එතැන හිටියා. ඒ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන කවි, ගී, සින්දු ලියනවා නම් ඒකයි අපි කුරුණෑගල දැක්ක එකම විශේෂත්වය. ඒ මිනිස්සු සජිත වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පැත්තකින් තියලා සටන් කළා.

සමහර මිනිස්සු වතුරට බැස්සා. අහල පහළ මිනිස්සු කෑගැහුවා බලාගෙන කියලා. ඒත් සජිත කාගෙ කවුද කියලාවත් නොදන්නා මිනිස්සු සජිතගෙ ජීවිතේ වෙනුවෙන් සටන් කළා. කොහොම නමුත් පැය එකහමාරක සටනකින් පස්සේ සජිතව ගොඩට ගන්න කුරුණෑගල මිනිස්සුන්ගෙ ශක්තියට පුළුවන් වුණා. ඒත් අවාසනාවකට සජිතට එතැනින් විනාඩි කිහිපයකට වඩා ජීවත් වෙන්න වාසනාව තිබුණේ නෑ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සජිත යන්නම ගියා. ආයෙ කවදාවත් ඒ පාරේ සජිත එන්නේ නෑ. මේ බෝක්කු කටවල් අස්සේ මිනිස්සුන්ගෙ ජීවිත හැංගුණු වග දැන උන්නත් ඒ ගැන කවුරුත් තවම කතා කළේ නෑ. ඒත්, එදා කුරුණෑගල පොලිසිය, කුරුණෑගල නගර සභාව මේ දරුවා බේරගන්න වෙච්ච වෙහෙසට අපි අපේ හිස නමා ආචාරය පුද කරනවා. ඒක වචනයකින් ලියලා ඉවර කරන්න පත්තරකාරයෙක් වෙච්ච මට තේරෙන්නේ නෑ. ඒත් අවාසනාවකට මහා මාර්ග සම්බන්ධයෙන් ලංකාවෙ වගකිව යුතු අමාත්‍යවරයෙක්ව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවා ඉන්නේ කුරුණෑගල. දයාසිරි ජයසේකරගෙ ආසනය කුරුණෑගල. මහින්ද රාජපක්ෂ ඡන්දෙට ආවෙ කුරුණෑගලින්. අකිල විරාජ් කාරියවසම්ගෙ ආසනේ කුරුණෑගල. හැම දේශපාලන පක්ෂයකම කෙරුම්කාරයො ඉන්න කුරුණෑගල මේ විදියේ අනාරක්ෂිත බෝක්කු තියෙනකොට, දරුවන්ගෙ ජීවිත බිලිගන්න පුළුවන් මංමාවත්වල ප්‍රශ්න තියෙන කොට මේ කිසි එකෙක් කිසි තැනක කටක් ඇරලා කතා කරලා තිබුණේ නෑ. හයිවේ හදන්න මහන්සි වෙච්චි දේශපාලකයන්ට මේ බෝක්කුව හදන්න උනන්දුවක් තිබුණේ නෑ. මිනිස්සු ඇඟිල්ල දික්කරලා කෙළින්ම කියනවා මේවා අනාරක්ෂිත ඉදිකිරීම්, මේවා අනවසර ඉදිකිරීම් කියලා. අනවසර ඉදිකිරීමකට අවසර නොදී ඒක අයින් කරලා දාන්නවත් කොන්දක් නැත්නම් මේ දේශපාලකයො දේශපාලනය කරනවට වඩා හොඳයි ගෙදරට වෙලා නිදියගන්න එක. මහ ලොකුවට පාර්ලිමේන්තුවේ තමන්ගෙ නායකයො රකින්න රැලක් අරගෙන ඇවිල්ලා උඩුබුරන්න විතරයි මේගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ. එහෙම උඩුබුරපු එකෙකුටවත් කුරුණෑගල නගරයේ මේ මිනිස්සුන්ගෙ ජීවිත නැතිවෙන හැටි ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නැද්ද?

බුවනෙකබා මාලිගාව කඩන්න තිබුණු හදිසියවත්, නගරයේ තිබුණු වටිනා ගස් ටික කපන්න තිබුණු හදිසියවත් මේ බෝක්කුව වහන්න තිබුණා නම් අදත් සජිත ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවයින් රුපියල් පනස් දාහක, හැටදාහක නැත්නම් ලක්ෂයක කුට්ටියක් කඩාගෙන වැටුණා නම් තමන්ගෙ පැත්තට මේ දේශපාලකයො කිසි ප්‍රශ්නයක් නැතුව මේවා කරයි. ඒත් අවාසනාවකට මේවායෙ සල්ලි වියදම් වෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා සජිතට අපිත් එක්ක ඉන්න වාසනාව නෑ.

ලිපිය අවසානයේ කියන්න තියෙන්නේ හිත රිදුණු, හිත කැකෑරුණු කතන්දර ගොඩක්. අපි මිනිස්සු විදියට ජීවත් වෙන්නේ තවත් මනුස්සයෙක්ගෙ මනුස්සකම බලාපොරොත්තුවෙන්. ඒත් අද වෙද්දී මනුස්සකම තියෙන මිනිස්සු බොහොම අඩුයි. මනුස්සයෙක් සහ තිරිසනෙක් අතර තියෙන වෙනසවත් නොදන්න මනුස්සයෝ තිරිසනුන්ටත් නිගාදෙන ආකාරයේ වැඩ කරනවා. අනිත් මිනිහගෙ ජීවිතය, අනිත් මිනිහගෙ බලාපොරොත්තු, අනිත් මිනිහගෙ හීන පරිස්සමක් කරන්න තරම් අවංකකමක් නැති තක්කඩියෝ සල්ලි වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ සත පහකට ගනන්ගන්නෙ නැතුව අලෙවි කරලා දාලා ඉවරයි. ඒ නිසා මනුස්සකම හොයාගෙන යන මිනිස්සුන්ට කොහේ හරි තැනක් හම්බවෙනකන් ඇවිදින්න සිද්ධ වෙනවා. සජිතත් මේ ලෝකෙට ආවෙ සමහර විට වැරැදීමකින් වෙන්න ඇති. ඇතුගල්පුරේ අභිමානය අස්සේ තේජමානව වැඩඉන්න ඇතුගල්පුර බුදුරුව දෑස් අඩවන් කොට බලාගෙන ඉන්නකොට තමයි සජිත මේ කානුවේ ගිලෙන්නේ. ඈත බුද්ධ රූපවල ඇස් මානෙ තමයි සජිතගෙ ජීවිතේ අවසාන හුස්ම පොද පිට කරන්නේ. මේ පුංචි කොල්ලා හුරු පුරුදු පාරෙම ගෙදර එනකන් අම්මා තාත්තා බලාගෙන ඉන්න ඇති. තාමත් අම්මා තාත්තා බලාගෙන ඇති. ඒ මිනිස්සුන්ට දෙන්න උත්තර මට නෑ. පත්තරකාරයෙක් විදියට මට පෞරුෂයක් නෑ ඒ අම්මා තාත්තා හම්බවෙලා මේ ගැන කතා කරන්න. මට පෞරුෂයක් නෑ ඒ මිනිස්සුන්ගෙ දුක ගැන කියන්න. මම දුක් වෙනවා මට ඒ තරම් ශක්තියක් නැති වෙච්ච එක ගැන. මට පුළුවන් මේ සිද්ධිය දිහා බලාගෙන ඉඳලා ඒ කතාව ගැන ලියන්න විතරයි. සමහර විට සමහර කෙනකුට පුළුවන් වෙයි මේ අම්මාගෙන් තාත්තාගෙන් මේ කතාව ගැන අහන්න. එහෙම අය මේ කතාව මීට වඩා ලස්සනට ලියාවි. ඒත් ආදරණීය පාඨක හිතවතුනි, මට පුළුවන්කම තියෙන්නේ මෙච්චරයි. මනුස්සයෙක් විදියට ජීවිතේ හොඳටෝම පෑරිච්ච හිත් තියෙන ඒ අම්මගෙයි තාත්තාගෙයි ළඟට ගිහින් ප්‍රශ්න අයන්න මට පෞරුෂයක් නෑ. ඒ ගැන සමාවෙන්න. ඒත්, මතක තියාගන්න. ඔබේ දරුවා පරිස්සම් කරගැනීම ඔබ සතුයි. ඒ වගකීම තියෙන්නේ ඔබට. වෙන කාටවත් නෙවෙයි. මේ පාලකයො අපේ දරුවො පරිස්සම් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා නෑ. මේ පාලකයෝ ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ නෑ. ඒගොල්ලන්ගෙ දරුවො පිටරටවල සුරසැප විඳිනකොට ලෝකෙ සුන්දරම රටවල ජීවිත ගතකරනකොට ඒ දරුවන්ගේ ජීවිත රසමසවුලක් වෙනකොට අපේ දරුවන්ගෙ ජීවිත නිමාවෙන්නේ මේ වගේ කඳුළු කතාවකින් නම් ඔබටයි මටයි හිතන්න තියෙන්නේ මේ අවාසනාවන්ත රටේ මේ අවාසනාවන්ත මොහොතේ අවාසනාවන්ත විදියට ඉපදිච්ච අපි කොයි තරම් පවු කරලා තියෙනවද කියන එක විතරයි. ඒ නිසා දෙපාරක් හිතන්න. ඔබේ දරුවා මේ මොහොතේ ඉන්නේ කොහෙද කියලා. දෙපාරක් හිතන්න ඔබ තියන අඩිය ගැන. දෙපාරක් හිතන්න ඔබ හෙට කරන වැඩේ ගැන. තුන් හතර වතාවක් හිතන්න ඔබ ගැන. නැත්නම් ඔබ ගැනවත්, මා ගැනවත් හිතන්න මේ රටේ වෙන කවුරුවත්ම නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ATM වලින් සල්ලි ගන්න කොට පරිස්සම් වෙන්න!

Next Post

එයාර්ටෙල් Whatsapp හරහා 1926 NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමට පහසුකම් සලසයි…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.