වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡා 3ක් අද (20) පැවැත්වේ.Sri Lanka Latest News
ඒ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
පළමු සාකච්ඡාව පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙනු ඇති.
තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණවලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් පාලන ප්‍රධානීන් හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විය.
එහිදී ඔවුන්ගෙන් බහුතරය පවසා ඇත්තේ, පක්ෂයෙන් බාහිර පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම නුසුදුසු බවයි.
එමෙන්ම ප්‍රථමයෙන් මහ මැතිවරණයකට යාම වඩාත් යෝග්‍ය බව හිටපු පළාත් පාලන ප්‍රධානීන් බහුතරයකගේ මතය වූ බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.










