විශාල සමාගම් මත පැනවීමට නියමිත 25%ක අධිභාර බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල-සේවක භාරකාර අරමුදල ඇතුලු අරමුදල් 11ක් ඉවත් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ පැහැදිලි කිරීමක් අමාත්‍යවරයා විසින් සිදු කොට ඇත.
පසුගිය දින කිහිපය පුරාම විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ මෙම යෝජනාවට එරෙහිව විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.