ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම හමුව ඉතා තීරණාත්මක වනු ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ගණනාවක් මෙහිදී දෙදෙනා අතර සාකච්ඡා වීමට නියමිතව ඇති බවත්ය.
කෙසේවෙතත් පසුගිය සතියේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ ඉගි කර සිටියේ සජිත්ගේ ජනාධිපතීත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා හට අගමැති ධූරය ලබා දෙන ලෙසට යෝජනාවක් එම පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇති බවකි.
ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවක් දැනගන්නට තිබේ.
ජනාධිපතිවරණයට වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේද, එසේ නම් පොහොට්ටුවෙන් තරග වදිනවාද, එසේත් නැත්නම් සජබයෙන් අගමැති ධූරය බලාපොරොත්තු වනවාද යන්න පිළිබදව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වික්‍රමසිංහ මහතාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බව වැඩිදුරටත් දැනගන්නට ඇත.