• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ම මතවිමසුමක ප්‍රතිපල අරන් බැසිල් රනිල් හමුවෙයි! ජනාධිපතිවරණයක් තිබ්බොත් වෙන්න යන දේ රනිල්ට පැහැදිලි කරයි! රටම හෙල්ලෙන යෝජනාවකුත් ඉදිරිපත් කරයි! රනිල් කැමැති වෙයිද? EXCLUSIVE I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිකම ගන්න සජිත් ‘ආසයි බයයි’ කියලා කියපු අය අද කෝ? අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බව අපි පසුගිය දිනෙක ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කර සිටියෙමු. එහිදී කතාබහට ලක්වූ බව කියැවෙන තොරතුරු අප පමණක් නොව අනෙකුත් මාධ්‍යද අඩු වැඩි වශයෙන් වාර්තා කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් මෙම හමුවේ සිදුවූ කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ කරණක් පාඨකයන් හමුවේ තැබීමට සූදානම්ය.Sri Lanka Latest News

මෙම හමුවට බැසිල් සහභාගි වී තිබුණේ හිස් අතින් නොව ඊට දින කිහිපයකට ඉහතදී තමන් වෙත ලැබී තිබුණු අතිශය රහසිගත මත විමසුමක ප්‍රතිඵල ලේඛනයද අතේ තබාගෙනය. එම මත විමසුමෙන් දක්වා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයකදී සහ මහමැතිවරණයකදී පක්ෂ විසින් ලබාගනු ඇති බව කියන ප්‍රතිඵලයන්ය. සාකච්ඡාව ආරම්භයේදීම එම මත විමසුම්වල ප්‍රතිඵල ජනාධිපතිවරයා හමුවේ තබමින් බැසිල් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ලැබෙනු ඇතැයි අපේක්ෂිත ප්‍රතිඵල මෙම මත විමසුම හරහා හෙළිදරව් වී ඇතැයි කියාය.

මත විමසුමේ ප්‍රතිපල

‘මේක අපි කරපු මත විමසුමක්. අපි කරපු මත විමසුම්වල ප්‍රතිඵල හැම එකක්ම හරි ගියා. ඒවා වැරැදිලා නෑ. ඊළඟ අවුරුද්ද ඡන්ද වසරක්. ජනාධිපතිවරණය තියන්න ඕනෙ. හැබැයි ජනාධිපතිවරණය තිබ්බොත් මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියල මේ මත විමසුමේ තියෙනවා. ඒකට අනුව ඔබතුමාට ජයගන්න බෑ. අපි දාන අපේක්ෂකයාට දිනන්න පුළුවන්කමකුත් නෑ. එහෙම වුණොත් වෙන අපේක්ෂකයො අතර සටනක් තියෙයි. අනෙක මේ ප්‍රතිඵලවලට අනුව මහ ඡන්දයකට ගියොත් කිසි කෙනෙක්ට බහුතරයක් ගන්න පුළුවන්කමක් නෑ….’ යනුවෙන් ජනාධිපතිවරයාට කී බැසිල්, යම් යම් පක්ෂ වැඩි ආසන ගණනක් ලබාගනු ඇති බවටද ජනාධිපතිවරයාට ඉඟි කර සිටියේය. එසේ වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාපයටත්, පොහොට්ටුවටත් පාර්ලිමේන්තුව ඇතුළේ යම් දේශපාලන ගේමක් ගැසීමට සිදුවනු ඇති බවද බැසිල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් දෙදෙනා අතර සාකච්ඡාවේ හොඳම කොටස පැමිණියේ ඉන් අනතුරුවය. ඒ, මෙම අවාසිසහගත තත්ත්වය මගහරවා ගැනීම සඳහා කළ යුතු කටයුත්ත පිළිබඳ බැසිල් ජනාධිපතිවරයා වෙත පෙන්වා දීමත් සමගය. එහිදී බැසිල් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර සිටියේ අලුත්ම දේශපාලන තියරියකි.

විධායකය අහෝසියි?

සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ ආවාට ගියාට දේශපාලන ගේම් ගසන අයකු ලෙස නොව කල්යල් බලා දේශපාලන ගේම් ගසන කෙළිකාරයකු ලෙසටය. බැසිල්ගේ ගණන් හැදිල්ලට අනුව තවත් අවුරුදු 10කට 15කටවත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිකිරීමේ අවස්ථාවක් නැති බව පෙනී ගොස් ඇති නිසා ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇති බව පැවසේ. අලුත්ම දේශපාලන තියරිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පසුබිම වී තිබුණේ බැසිල්ගේ මෙම සැලසුමය.
ඒ අනුව බැසිල්ගේ යෝජනාව වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය බවය. මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් නඩු තීන්දු දී ඇති නිසා ජනමත විචාරණයක් හරහා එය අහෝසි කිරීම පහසු බවත්, විධායක ක්‍රමය අවශ්‍යද, නැද්ද කියා එවිට ජනතාවගෙන් ඇසිය හැකි බවත් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. ඉන් අනතුරුව අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත.
ඒ අනුව බැසිල්ගේ ගේම හරි පැහැදිලිය. විධායක ක්‍රමය අහෝසි කරන බවට යෝජනාවක් ගෙන ආවොත් ඊට විරුද්ධ වීමට සමගි ජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටවත් නොහැකි බව බැසිල් දනී. අනතුරුව පවත්වන මහ මැතිවරණයේදී එජාපය හා පොහොට්ටුව එක්ව හෝ තනි තනිව තරග වැදී පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගැසිය හැකි බවද බැසිල් දනී. තුන්කල් බලා බැසිල් ජනාධිපතිවරයා හමුවී මෙම දේශපාලන බෝම්බය පත්තු කළේ ඒ නිසා විය යුතු බව බොහෝ දෙනාගේ අදහසය.

රනිල් කැමැති වෙයිද

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට එක්වර කැමැති වූවාද නොවූවාද යන්න පිළිබඳ තොරතුරු නොමැති නමුත් අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගෙන්ද ඊට ලොකු විරෝධයක් නොමැති බවකි. තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගැනීමේ හැකියාවක් නොමැති නම්, පොහොට්ටුවටද එය ජයගත නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හෝ ජනාධිපති ධුරය භාරදීමට ජනාධිපතිවරයා හිත හදාගනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ඒ අතින් බලද්දී බැසිල් ගෙනා යෝජනාව හොඳම විකල්පය බව ජනාධිපතිවරයාටද සිතෙනු ඇත. අප එසේ කියන්නේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක්ම ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති බවට අප වෙත ඇති තොරතුරු පදනම් කරගෙනය. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව සමග මෙම මාතෘකාව පිළිබඳ එළිපිට සංවාදයක් ආරම්භ වනු ඇති බව අපගේ විශ්වාසයය.
නමුත් ජනාධිපතිවරයාද දේශපාලන පොර පිටියේ හොඳට තෙම්පරාදු වී සිටින අයකු නිසා ජනාධිපතිවරයාද බැසිල් දමන පන්දුවලට පිට පිට පහර එල්ල කරන්නකු නොවේ. එම නිසා බැසිල් දැමූ මේ පන්දුවට ජනාධිපතිවරයා කෙසේ පහර දීමට කටයුතු කරන්නේදැයි බැලීමට තව ටික දවසක් ඉවසා සිටිය යුතුව ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ජනතාවට උහුලන්න බැරි බරක් දීලා! මහින්දගෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විවේචනයක්! නාමල්ගේ අනාගතය ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහරගම සීතාට මහියංගනේදී වෙඩි තියපු සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.