මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙන් කරනු ලැබීය
ඔහු එම ආසනයේ අසුන් ගෙන සිටිනු ඊයේ දැකගත හැකිවිය.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයකය.








