• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස ඇත්තේ කොයි කොයි දේසේ – නිදහස ඇත්තේ බංගලිදේසේ! Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නිදහස ඇත්තේ කොයි කොයි දේසේ – නිදහස ඇත්තේ බංගලිදේසේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය කාලේ ලංකාවෙ වගේම තවත් රටවල අරගල සිද්ධ වුණා. මේ අරගල අතර වඩාත් කතාබහට ලක්වෙච්ච එක තමයි බංග්ලාදේශයේ ඇතිවෙච්ච දේශපාලන අරගලය. මේකට දේශපාලන අරගලයක් එහෙම නැත්නම් තරුණ අරගලයක් කියලා නම්කරන්න පුළුවන්. මේ තරුණ අරගලයෙන් බංග්ලාදේශයේ එවක හිටපු පාලනය බිඳවැටිලා පාලකයන් පලවාහැරලා සමහර වෙලාවට මනුෂ්‍ය ඝාතන පවා සිද්ධ වෙන මට්ටමට මේ අරගලය ආවා. මේ අරගලය කොච්චර දරුණු වුණාද කියනවා නම් සම්පූර්ණයෙන්ම බංග්ලාදේශයේ පාලනය වෙනස් කරගන්න ඒ අවස්ථාවේදී පුළුවන් වුණා. බංග්ලාදේශයේ පාලනය ඔවුන් විසින් මොහොමඩ් යුනුස් වෙත භාරදුන්නා. මොහොමඩ් යුනුස් කියලා කියන්නේ බංග්ලාදේශයේ ඉන්න උගතෙක්, බුද්ධිමතෙක් වගේම නොබෙල් ත්‍යාගලාභියෙක්. ඔහු තරුණයන් සමග එකතු වෙලා මේ රට පාලනය කරන්න පටන් අරගත්තා. මේ පාලනය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ කතාබහ ඇතිවුණා. බොහෝ දෙනෙක් හිතුවේ බංග්ලාදේශයේ පාලනය ඒ තරම්ම සාර්ථක වෙන එකක් නැහැ කියලා.
ලංකාවේත් මේ විදියටම අරගලයක් සිද්ධ වුණා. ලංකාවේ මේ අරගලයෙන් පස්සේ පාලන බලය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඔහු අරගලය නිමා කරලා රට ඇතුළේ යම් සාමකාමී තත්ත්වයක් ඇතිකරලා යළි අරගලයක් ඇති නොවන තත්ත්වයට පත්කරලා, පෝලිම්වල ගිය මිනිස්සුන්ට පෝලිම් ප්‍රශ්න නැතිකරලා දාලා රට යම් සැලැස්මකට අරගත් බව අපි දැක්කා. නමුත් ඉන් පස්සේ ඔහුගේ බලය ඔහුට අහිමි වෙලා ගියා. ඔහුගේ තනතුරු තාන්න මාන්න ඔහුට අහිමි වුණා. ඊට පස්සේ ජනාධිපතිවරයා විදියට අලුතෙන් පත්වුණේ අනුර කුමාර දිසානායක මහත්තයා. ඔහු සාමාන්‍යයෙන් තරුණයන් පිළිබඳ අවබෝධයක් තියෙන, තරුණයන් ගැන හිතන්න පුළුවන් සහ තරුණයන්ගේ වයසට වඩාත් ආසන්නයේ හිටපු අපේක්ෂකයා විදියටයි ලංකාවේ බලය ලබාගත්තේ. ඒ වගේම ඔහු තරුණයන්ට නායකත්වය දුන්න දේශපාලන කණ්ඩායමක නියෝජිතයෙක් නිසා ඔහුට තරුණයන් ගැන අවබෝධයක් ඇතිවෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළා. කොහොම වෙතත් අපි දැන් කතා කරන්නේ ලංකාව ගැන නෙවෙයි. අපි දැන් කතාකරන්නේ බංග්ලාදේශය ගැන. Sri Lanka Latest News

බංග්ලාදේශය මේ වෙනකොට අලුත් නීතිරීති හදමින් තියෙනවා. ඒ අලුත් නීතිරීති හැදීම සම්බන්ධයෙන් ලෝකයේ කතාබහක් දැන් පැනනැගිලා තියෙනවා. මේ කතාබහ අතර වඩාත් ආකර්ෂණීය දෙයක් බවට පත්වුණේ අන්තර්ජාලය මහජනතාවගේ අවශ්‍යතාවක් බවට මොහොමඩ් යුනුස් විසින් ගත්ත තීරණය. ඒ තරුණයන්ගේ ඉල්ලීමක්. එහෙම නැත්නම් තරුණයන්ගේ බලාපොරොත්තුවක්. 2023 වසරේදී සයිබර් ආරක්ෂණ පනත ඔවුන් විසින් සම්මත කරගන්න සූදානම් වෙලා තිබුණා. එහි මතභේදාත්මක විධිවිධාන ඇති බවට එම පනත සම්බන්ධයෙන් කෙරෙන කතාබහවල කියැවුණා. ඒ ආකාරයෙන් පැවැති මතභේදාත්මක කාරණා 9ක් අහෝසි කරලා නව ආඥා පනතක් ලෙස මේ සයිබර් ආරක්ෂණ පනතට සමගාමීව වෙනත් පනතක් යළි පාර්ලිමේන්තුවට ගෙන එන්න මේ වනවිට මොහොමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාල බංග්ලාදේශ රජය සූදානම් වෙලා තියෙනවා. ඔවුන් අන්තර්ජාල පහසුකම්, මානව අයිතිවාසිකමක් ලෙස සැලකීමට යෝජනා කරන්නටත් මේ වෙනකොට සූදානමින් ඉන්නවා.

මේ ලෝකයත් එක්ක යන පාලකයෝ, ලෝකය ඉදිරියට යනකොට ලෝකයට සාපේක්ෂව, ලෝකයත් සමග ඉදිරියට යෑමට රටක පාලකයන්ට අදහසක් ඇතිවිය යුතුයි. එම කාරණාව නොමැති වූ විට රට ඉදිරියට යෑම වෙනුවෙන් පාලකයා තමන්ගේ නමට ලකුණු දාගන්න ගියාම රටක් විදියට ඒ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නෑ. ලෝකේ ගොඩක් රටවලට මේ කාරණාව සිද්ධ වුණා. අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල අලුත් පාලකයෝ පත්වෙලා ඒ පාලකයන් විසින් අලුත් තීන්දු අරගෙන අලුත් තරුණ තරුණියොත් එක්ක අලුත් ගමනක් යන බවට සලකුණු සහ සේයා මාත්‍ර මතුවෙමින් තියෙනවා. ශ්‍රී ලංකාවේත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය යුතුයි. ශ්‍රී ලංකාවේත් සයිබර් අපරාධ සම්බන්ධයෙන් සහ පරිගණකය අන්තර්ජාලය සම්බන්ධයෙන් නව අදහස් තරුණ තරුණියන් වෙත ඇති වග අප විසින් හඳුනාගත යුතුයි.

දැන් ලෝකයේ තියෙන්නේ ගෝලීය සංස්කෘතියක්. ලෝකයම එකම විටක එකම මොහොතක එකම තීන්දුවක් එකම තීරණයක් ගන්නා අවස්ථාවක්. එකම නීතියක්, එකම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක්. මෙය තවදුරටත් අහෝසි කරන්නට හෝ මෙයට අභියෝග කරන්නට ලෝකයේ කිසිම පාලකයෙක්ට හැකියාවක් නෑ. ඒ නිසා ශ්‍රී ලංකාවේ රජයටත් සිද්ධ වෙනවා දැන් බංග්ලාදේශයේ වගේ මේ අලුත් තීන්දු ගන්න. ඇත්තටම බංග්ලාදේශයේ අරගලයෙන් පස්සේ අන්තර්වාර පාලනයක් ලැබුණා. බංග්ලාදේශයේ රජයක් නිර්මාණය වුණා තරුණයන්ගේ සහ තරුණයන් කැමැති පාලකයන්ගේ මූලිකත්වයෙන් යුක්තව. ලංකාවේ මේක මීටත් වඩා විධිමත් විදියට සිද්ධ වුණා කියලා අපිට කියන්න පුළුවන්. ලංකාවේ පළමු අවස්ථාවේදී ඔවුන් විසින් පාලකයන් පන්නා දැමුවා. ඒ පාලකයන් පන්නා දැමීමෙන් අනතුරුව එම පාලන කාර්යය සඳහා නව නායකයෙක් පත්වුණා. නමුත් ඔහුගේ පාලන කාලය ටික කලකින් අවසාන කරලා, නිශ්චිතව ඡන්දයක් තියලා ජනතාවගේ ඡන්දෙන් අලුත් පාලකයෙක් පත්කර ගත්තා. ඇත්තටම ඔහු මොහොමඩ් යුනුස් වගේ නොබෙල් ත්‍යාගලාභියෙක් හෝ රට ඇතුළේ ඉන්න වඩා වෙනස් පුද්ගලයෙක් විදියට හඳුනා නොගත්තත් ඔහු කාලයක් තිස්සේ දේශපාලනයේ නියැළිලා හිටපු තරුණයන්ගේ නායකයකු විදියට හඳුන්වා දෙන්න පුළුවන්. බැලූ බැල්මට තරුණයෙක් විදියට පේන, තරුණයන්ගේ ආකර්ෂණයට ගැළපෙන ආකාරයේ ඇඳුම් ආයිත්තම්වලින් පවා සැරසිච්ච නායකයෙක්. ඒ නිසා ඔහුට තරුණයන්ගේ හදගැස්ම පිළිබඳ අපි අලුතෙන් පාඩම් උගන්වන්න අවශ්‍ය නෑ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් බංග්ලාදේශය දිහා බලාගෙන අලුත් දේවල් ඉගෙනගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ වගේ තරුණයන්ගේ හදගැස්ම පිළිබඳ කියවාගන්නට මේ පාලකයන්ට බංග්ලාදේශයෙන් හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන් වගයි අපිට බලන්නට, දකින්නට, අහන්නට, කියන්නට තියෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුද වෙඩි නවත්තලා අවුරුදු 16යි! හැබැයි පාතාල වෙඩි නවත්තගන්න තාම බැරිවුණා! ඔන්න අදත් පාතාලයෝ වෙඩි තියලා! බ්ලූමැන්ඩල්වල එක්කෙනෙකුට තුවාලයි! I Sri Lanka Latest News

Next Post

කොළඹ බලය අල්ලන්න කලින් සජිත් කොළඹ වටේ ඇවිදලා කරන්න ඕන වැඩ කොටස ගැන සොයා බලයි! මේ පොඩි මිනිස්සු පිරිවරාගෙන මාළිගාවත්තට ආපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.