හිටපු වෙළඳ අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා විසින් භාවිත කරන ලද කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි වෙළඳ අමාත්‍ය නිල නිවස වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශට භාරදීමට වත්මන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.
වෙළඳ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ රිෂාඩ් බද්යුදීන් මහතා විසින් මෙම නිල නිවස භාවිත කරන සමයේ එතුළදී බාලවයස්කාර දැරියන් අපහරණයට ලක්වූ බවට සැක කෙරෙන අපරාධ හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.
එසේම එම නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 21ක් වූ මහජන මුදල් වියදම් බන්දුල ගුණවර්ධන මහතා විසින් අනුමත නොකරන බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
මෙම නිවස පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාදයේ සිට වර්තමනා වෙළඳ අමාත්‍යවරයා වෙත භාරදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.









