තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් සුපිරි සාදයක් පැවැත්වීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සැලසුම් කර ඇත.
ඒ අනුව ලබන 05 වැනිදා තලවතුගොඩ පිහිටි සුපිරි ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී මෙම සාදය පැවැත්වීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
ඒ සදහා ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ආරාධනා කිරීමට ගම්මන්පිල මහතා දැනටමත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.










