• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තර හෙළිදරව් කළ ඩඩ්ලි ගෙනා හෙළිකොප්ටරේ….

June 15, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පත්තර හෙළිදරව් කළ ඩඩ්ලි ගෙනා හෙළිකොප්ටරේ….
Share on WhatsAppShare on Facebook

තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන වාර්තා සම්බන්ධයෙන් අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර බෝහෝමයක් මේ වන මෙහෙයුම් කටයුතුවලින් පරිබාහිරව පවතින බවත් තමාට ඇත්තේ රුපියල් ලක්ෂ 80ක් ස්ථාවාර තැන්පතුවක් පමණක් බවත් ඔහු පවසයි.

තමා ඉදිකර ඇති හෝටල් වෙනුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 850ක් බවත් ඔහු පවසයි.

තමා ගත කරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක් බවත් සිය සමාජ මාධ්‍ය ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“විෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් සංසරණය වන පුවතක් නිසා මාගේ දුරකතනය අතිශයින් කාර්‍යබහුල වී ඇත. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් මාගෙන් විමසමින්, අදාල හෙලිකොප්ටරය මාගේ දැයි තොරතුරු දැනගැනීමට උත්සුක වෙද්දී තවත් පිරිසක් එය මාගේ බව හැඟවීමට බොහෝ සෙයින් උනන්දු වී කටයුතු කරමින් ඇත.

රටේ පවතිනා කෝවිඩ් වසංගතය හමුවේ මාගේ ව්‍යාපාර බොහෝමක් මේ වන විට පවතින්නේ මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරවය. විශේෂයෙන්ම මේ වන විට අරලිය ජාලයට අයත් හෝටල් සියල්ලක්ම පාහේ වසා ඇති කාලවකවානුවක, අවදානම් රැසක් දරමින් මා විසින් ජාතියට නව ව්‍යාපාර හතරක් දායාද කළේ වගකිවයුතු දේශීය ව්‍යවසායකයෙකු නිසාය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින්, රජයට සැළකිය යුතු මට්ටමේ බදු මුදල් ගෙවමින් මා විසින් සිදුකළේ රට තුළ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් උත්පාදනය කිරීම පමණය.

එහෙයින් මෙවැනි කාලපරිච්ඡේදයක අවස්ථාවාදී වෙමින් මාගේ පරිහරණය තකා පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට තරම් මා අඥාණයෙකු නොවන බව ඔබ හමුවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමතිය.

විශේෂයෙන්ම 90 දශකයේ මුලාරම්භයේ පටන් මා ව්‍යාපාර වලින් ලාභ ලෙස ඉපැයූ සෑම සතයක්ම ආයෝජනය කලේ මේ රට තුලය. බොහෝ ව්‍යාපාරිකයන් තම ඉහළ පරිසාධන මට්ටම් වලට ළඟා වූ පසු අන්තර්ජාතික මට්ටමේ ආයෝජන අවස්තා හඹා යාම සාමාන්‍ය දෙයක් වුවද මා එසේ නොකළේ දේශීය ව්‍යවසායකයෙකු සතු වියයුතු චින්තනයන් අගය කරමින්ය. එහෙයින්, මා විසින් රට තුළ සිදුකළ හැකි ආයෝජනයන් ලෝකයට ගෙනයනවා වෙනුවට විදෙස් ආයෝජන ලංකාවට ගෙන ඒම සඳහා මුල්තැන දී කටයුතු කළේය. විශේෂයෙන්ම, ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත හොඳම සහල් නිෂ්පාදනගාරය බිහිවූයේ එලෙසින්ය.

රටේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වුවද, බිලියන ගණනින් ව්‍යාපෘති නිම කළද, තවමත් මා නමින් ඇත්තේ ලක්ෂ 80ක ස්ථාවර තැන්පතුවක් පමණය. එයද මීට වසර ගණනාවකට පෙර මා විසින් මහජන බැංකුවෙන් ගත් ණයක් වෙනුවෙන් විවෘත කළ ධනයෝජන ගිණුමක එකතු වූ මුදල්ය. එය හැර අන් සෑම සතයක්ම මා ආයෝජනය කර ඇත්තේ රැකියා අවස්ථා දහස් ගණනින් උත්පාදනය වූ ඇති දේශීය ව්‍යාපෘති තුළය.

විශේෂයෙන්ම මා විසින් රට තුළ ඉදිකර ඇති හෝටල් සඳහා පමණක් ලබාගත් සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් කෝටි 850 කට ආසන්නය. එසේ තිබියදී අනවශ්‍ය ලෙස හෙලිකොප්ටර් ආදිය මිලට ගනිමින් අතිශය සැපවත් ජීවිතයක් ගත කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මා හට නොමැති බව කිවයුතුමය.

විශේෂයෙන්ම මා මේ ව්‍යාපාර සියල්ලක්ම ගොඩනඟනු ලැබෙවේ කුඩාම තැනක සිටය. ලොරි ක්ලීනර් කෙනෙකු, ඉන්ධන පිරවුම්හළක පොම්පකරුවෙකු හා ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් ජීවිතයේ මූලාරම්භය පියවරෙන් පියවර සනිටුහන් කළ මා අද වන විට ගතකරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක්ය. ඒ මාගේ හැටිය. ඩඩ්ලි සිරිසේන ගැන හොඳින් දන්නා සමීපතමයන් එයට සාක්ෂි දරනු ඇත.

එහෙයින් මෙවැනි අසත්‍යය ප්‍රකාශ මත පදනම්ව මා වෙත වක්‍රාකාරයෙන් සිදුකරන මෙවැනි බරපතළ චෝදනා මවිසින් බැහැර කරන්නේ පිළිකුලෙන් යුතුවය.

එහෙයින් වෙනදා මෙන් ඔබව දිරිමත් කරමින්, දියුණුව සඳහා වන දොරටු පෙන්වා දෙමින් ඉටු කළා වූ සමාජ වගකීම මොහොතකට පසෙකින් තබා මෙවැනි දුර්මතයක් වෙනුවෙන් කරුණු දැක්වීමට කාලය මිඩංගු කිරීම සම්බන්ධයෙන් මා කණගාටුව පළ කරන්නේ හදවතින්මය.”

SendShareShare
Previous Post

තෙලේ රස්නය දැනෙන්න ගනී: බේකරි නිෂ්පාදන රුපියල් පහේ සිට පනහ දක්වා නගී!

Next Post

සජිත් එළියට එයි! පළමු රැස්වීමේදීම ගම්මන්පිලට විශ්වාසභංගයක් ‌ගේන්න තීන්දු කරයි!!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.