පසුගිය සදුදා දිනයේ දී ගෝඨාගෝගම නිරායුධ විරෝධතාකරුවන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් සහ හමුදාපතිවරයාගෙන් ඊයේ දිනයේ දී ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
ඒ මත පදනම්ව, හෙට දිනයේ දී ප්‍රශ්න කිරීම සදහා, බස්නාහිර දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා ඇති බව වාර්තා වේ.










