• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය වෙලාවේ ගෝල්ෆේස් එකේ සජිත්ට පහර දුන්නේ ඝාතනය කරන්නද? ලොකු රහසක් එළියට එයි! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
අරගලය වෙලාවේ ගෝල්ෆේස් එකේ සජිත්ට පහර දුන්නේ ඝාතනය කරන්නද? ලොකු රහසක් එළියට එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර පිටියේ පැවැති අරගලය අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි පැමිණි මොහොතේ ඔහුගේ ජීවිතයට හානියක් සිදුකිරීමේ අරමුණෙන් ගල් ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන රංගන ශිල්පී ජගත් මනුවර්ණ බව සමාජ ක්‍රියාකාරිකයකු වන ධානිෂ් අලි මහතා පවසනවා. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ Chamuditha News Brief යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධානිෂ් අලි මහතා මේ බව සඳහන් කළා. පහත පළවන්නේ එම සාකච්ඡාවයි. (Sri Lanka Latest News)

අරගල ක්‍රියාකාරී ධානිෂ් අලි. අපි ඔබව පසුගිය කාලේ දැක්කේ නැහැ. ඔබ කොහෙද හිටියේ? රටින් පැනලා හිටියද?
මම ලංකාවේ දේශපාලනය කරමින් හිටියා.

ඔබ චන්ද්‍රිකා එක්ක ඉන්නවා දැක්කා. රාජිතගේ පුතා එක්ක ඉන්නවා දැක්කා. සජිත් එක්ක ඉන්නවා දැක්කා. දැන් ඔබ කාගේ වේදිකාවෙද ඉන්නේ?
ඒ අවස්ථාවන් මම නිර්මාණය කළේ ලොකු සන්ධානයක අවශ්‍යතාව මතුවෙලා තිබුණු හින්දා. ජවිපෙ බලයට එනවට අපි නම් අකැමැතියි. ඒකට හේතුව ජවිපෙ කියන්නේ රැඩිකල් නෙවෙයි ප්‍රචණ්ඩකාරී පක්ෂයක්. ප්‍රචණ්ඩකාරී වැඩ කරපු සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලයි මම කියන්නේ. ඒක නැති කරන්න ඕනේ නම් අපිට රනිල් වික්‍රමසිංහ එක්ක හිටගන්න බෑ, මොකද ඔක්කොම හොරු ටික එතැන ඉන්නේ. මගේ ඔළුවේ තිබ්බ අදහස තමයි අපි සන්ධානයක් හදලා සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙමු කියලා. ඒක කරගන්න බැරිවුණා.

අරගලයේ ටීම් එකටද ඔබ ඒ යෝජනාව කළේ?
අරගලයේ ටීම් එකටයි, අනිත් පාර්ශ්වවලටයි.

අරගලයේ ක්‍රියාකාරීන් එක්ක කතා කළොත් ඔවුන් කියන්නේ ඔබ අරගලය පාවාදුන් පුද්ගලයෙක් කියලා. දැන් ඔබ කියනවා කෙළින්ම මම සජිත්ට එකතු වෙන්න යෝජනාවක් කළා කියලා?
අරගලයක් කියන්නේ සංක්‍රාන්ති කාලයක්. එවැනි මොහොතේ අපි ඔක්කොම රට වෙනුවෙන් අරගල කළා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දේශපාලනය. සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. එතකොට තියෙන ඊළඟ හොඳම විකල්පය තෝරගෙන තමයි අපිට දේශපාලනය කරන්න වෙන්නේ. ඒ විකල්පය හොයන ගමන් තමයි මම ඉන්නේ. කවුරු හරි කියනවා නම් මම අරගලය පාවා දුන්නා කියලා ඒක වැරැදියි. මම කියන්නේ අරගලය පාවාදෙන්න මට කිසිම වුවමනාවක් නෑ. මොකද මම අරගලයට ආවේ නිර්පාක්ෂික ස්වාධීන පුරවැසියෙක් ලෙස. අරගලයට අනෙක් පාර්ශ්ව ආවේ එයාලාගේ පක්ෂවල බැනරුයි, අදහසුයි, මූලධර්මවාදයයි අරගෙන.

ඔබ අද මේ සාකච්ඡාවට එන්නේ රැට්ටා කියපු කතාවක් යැයි සඳහන් කරමින් ඔබ කතාවක් කියනවා. මේ කතාව නිසා තමයි මම ඔබට මේ සාකච්ඡාවට ආරාධනා කළේ. මුලින්ම ඒ කතාව මොකක්ද කියලා කියන්න?
මැයි 09 වැනිදා සනත් නිශාන්ත, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කරට අත දාගෙන ඇවිල්ලා ගෝල්ෆේස් එකට ගැහුවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නය බලන්න පාර්ශ්ව දෙකක් එනවා. විපක්ෂයේ නායකයෙක් එනවා. ඊට පස්සේ රටේ ඉන්න 3% නායකයා එනවා. මෙයා එන වෙලාවේ මෙයාට පහර දෙනවා. කාටද? සජිත් ප්‍රේමදාසට. අනුර කුමාර ඇවිල්ලා පාඩුවේ වොයිස් කට් එකක් දීලා යනවා. ඕකනේ සමාජයේ ආපු මතය. ඇත්තටම එදා කවුද ගැහුවේ? සජිත් ප්‍රේමදාසට ගැහුවේ කවුද? එදා සජිත් ප්‍රේමදාසට ගැහුවේ ජගත් මනුවර්ණ. ලෝකෙම දන්නවා. මාධ්‍යයේ හොඳටම පේන්න තියෙනවා ඒක. වීඩියෝවලත් තියෙනවා.

ඔතැනදී පහර දෙන්න හේතුව විදියට කියැවෙන්නේ සජිත් අරගල භූමියට ආවේ වැරැදි පැත්තෙන් කියන එක. ඒ කියන්නේ අරගල ක්‍රියාකාරීන් එන පැත්තෙන් ආවා කියලා. අනුර ආවේ අනෙක් පැත්තෙන්. ප්‍රතිවිරුද්ධ පැත්තෙන්…?
ඒකනේ ප්ලෑන් එක ඒගොල්ලන්ගේ.

මොකක්ද ප්ලෑන් එක?
සජිත්ගේ කවුරුවත් එතැන හිටියේ නෑනේ. සජිත් ප්ලාන්ට් කරපු චරිත එතැන හිටියේ නෑ.

එතකොට අනුර ප්ලාන්ට් කරපු චරිත එතැන හිටියද?
අනිවාර්යයෙන්.

කවුද?
ජගත් වනුවර්ණ. එරංග ගුණසේකර. අරගලයේ ක්‍රියාකාරී කියලා එන ජවිපෙ හිටපු ඔක්කොම.

ඔබ කියන්නේ අනුර අනෙක් පැත්තෙන් ආවේ ඒගොල්ලෝ දුන්න තොරතුරු නිසා කියලද?
ඔව්.

එතකොට සජිත් අනිත් පැත්තෙන් ආවේ තොරතුරු ලැබුණේ නැති හින්දද?
නෝ ඉන්ෆොමේෂන්. එයා මෝඩයෙක්ද මේ පැත්තෙන් පිරිවාරාගෙන එන්න?

ඇයි ජගත් මනුවර්ණ ගහන්නේ? එක නඩුවක ජගත් මනුවර්ණ සහ ඔබ විත්තිකරුවෝ නේද?

ඔව්. අපි අරගල කළේ රට වෙනුවෙන්. අපි අරගල කළේ නෑ පක්ෂවල න්‍යායපත්‍රවලට. හැබැයි මේ අය අරගල කළේ පක්ෂවල න්‍යායපත්‍රවලට. ඒක හැමෝම දැනගන්න ඕනේ. එදා සජිත් ප්‍රේමදාස මැරිලා තිබුණා නම්, ගලකින් ගහන්නේ හුරතල් කරන්න නෙවෙයිනේ.

ජගත් මනුවර්ණ සජිත් ප්‍රේමදාසව මරන්නයි ප්ලෑන් කළේ කියන එක සම්බන්ධයෙන් ඔබට තොරතුරු තියෙනවද?
නෑ.

රැට්ටා කියන්නේ මොකක්ද?
රැට්ටා මට කියපු කතාව තමයි. දැන් රැට්ටා නෑ කියයි. මම දැක්කා කමෙන්ට් එකකුත් දාලා තිබුණා. රැට්ටලා මැයි 09 වැනිදායින් පස්සේ හිරේට යනවනේ. රැට්ටලා ඇතුළේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස ඇවිල්ලා බලලා තියෙනවා. එතකොට ජගත් මනුවර්ණ ‘සර් සර්’ කියලා ෂේප් වෙන්න හදලා තියෙනවා ‘මම ගැහුවේ නෑ’ කියලා. සජිත් ‘මම දන්නවා’ කියලා ඒක අතහැරලා තියෙනවා. මේකම අනුර කුමාරට වෙලා තිබුණා නම් අද මොනවා කරලා තියෙයිද? පාර දිගේ අනුර සහෝදරයා බේරගන්න සී.අයි.ඩී. එකට දුවලා, සුනිල් වටගලලා ඉන්න ලෝයර්ස්ලා ටික දුවලා, ඊට පස්සේ කියයි අපේ පන්තියට ගැහුවා, පීඩිතයට ගැහුවා කියලා.

එදා ගෝල්ෆේස් එකේදී සජිත්ට ප්‍රහාරය එල්ල කරන්නේ මරන්නම කියලා තොරතුරු තියෙනවද?
සජිත් ඝාතන කතාව අද ඊයේ ආපු එකක් නෙවෙයි. බුද්ධි අංශ වාර්තාවලත් කියනවනේ මේ ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් කෙනෙක්ව මරන්න සැලසුමක් තියෙනවා කියලා. එදා සජිත්ව මරලා තිබ්බා නම් වටේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඔක්කොමලා මරලා ඇති. අපිට නෙට්වර්ක් එකක් නෑනේ. මම ආවේ තනියම. මගේ ෆේස්බුක් එකේ බලන්න. මට රට පුරා ජාලයක් නෑනේ ඒ වෙලාවේ.
ඒ වෙලාවේ අනුර ආවොත් පිළිගන්නවා. වෙන කවුරුහරි ආවොත් ගහනවා. බලන්න එයාව අරගෙන යන විදිය.

අනුරව පිළිගන්නෙත්, සජිත්ට ගහන්නෙත් දෙකම වෙන්නේ ජේ.වී.පී. එකෙන්?
ජේ.වී.පී. එකෙන් දෙකම කරන්නේ. මගෙන් අහනවා දැන් කට්ටිය ඇයි මෙච්චර කල් ගියේ මේක කියන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ ආයෙත් පාරක් 88-89 යුගයක්, පෝලිම් යුගයක්, මිනිස්සු මරන යුගයක් අපි බලන්න ඕනෙද?

රැට්ටා කියපු කතාව නෙවෙයි, ජගත් මනුවර්ණම ගැහුවා කියන්න සාක්ෂි තියෙනවද?
වීඩියෝ තියෙන්නේ ඕනෙ තරම්. මම කියන්න ඕනේ නෑ, හැම මාධ්‍යයකම ගියානේ.

ඡන්ද කාලෙදී මෙච්චර කල් කට වහගෙන හිටපු පුද්ගලයා බිල්ලා වගේ එළියට දාන්න සජිත් කීයක් ඔයාට ගෙව්වද කියලා?
මම සල්ලිවලට දේශපාලනය කරන්නේ නෑ. මගේ එකම එක බැංකු ගිණුමයි තියෙන්නේ ලංකා බැංකුවේ. ඒක පරීක්ෂා කරලා බලන්න. මාව දන්න කෙනා දන්නවා මා ගැන. මම ඉන්නේ කොළඹ අලුත්කඩේ. මම මිනිස්සුත් එක්ක ඉන්න මනුස්සයෙක්.

ජගත් මනුවර්ණගේ ප්‍රහාරය එල්ල කළේ සජිත්ව මරන්නමයි කියලා රැට්ටා කිව්වද?
නෑ. රැට්ටා කියන්නේ මෙහෙම ඇවිල්ලා කතා කළා කියලනේ. මම ගැහුවේ නෑ, මම නෙවෙයි ගැහුවේ කියලා ෂේප් වෙන්න කතා කළා කියලනේ.

ජගත් මනුවර්ණ ප්ලෑන් කළේ සජිත්ව මරන්නම තමයි කියන එක ඔබ කොහොමද කියන්නේ?
මම කියන්නේ ගහන්නේ මොකටද? ඔයාගේ ගෙදරට ඇවිල්ලා වෙඩිතිබ්බා. එදා ඔයාලා ඒ කාමරේ හිටියේ නෑ. ඒ කාමරේ ඔයාලා හිටියා නම් මැරෙන්නේ නැද්ද? එතකොට මරන්නනේ වෙඩි තියන්නේ. ඊට පස්සේ ලාල්කාන්තලා ගියා පාර්ලිමේන්තුවට. බංග්ලාදේශයට අද මොකක්ද වෙලා තියෙන්නේ?

සජිත්ට ජේ.වී.පී. එක තර්ජනයක් බව දැනුණු නිසා, අහන අහන කොට ජේ.වී.පී. එක උඩට ඇවිල්ලා කියලා තේරෙන නිසා නේද මේ බොරුව කියන්නේ. ඔයාව ප්ලාන්ට් කළේ සජිත්ම නේද?
කවදාවත් නෑ. මම 2017 ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ලංකාවට එන්නේ. 2017 මගේ ගමේ කුරුණෑගල මාවතගම ප්‍රාදේශීය සභාවට සීනුව ලකුණින් තරග කරපු චන්දන කියන කෙනාට ඡන්ද දෙසිය ගානක් මම අරන් දුන්නා. අද ඔහු මාවතගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී. 2019 මම අනුරගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබුණු හැම රැස්වීමකටම වගේ ගියා. අරගලයට කලින් මාවතගම රැස්වීමක් තියෙනවා අනුරගේ. මම ගිහිල්ලා අනුරත් එක්ක ගත්ත ෆොටෝස් තියෙනවා. මම අරගලයට කලින් හිතුවේ මෙයාලා හරි පිරිසිදුයි කියලා. මෙයාලා ගැන තමයි බොරු කතාවක් කියන්නේ කියලා. ඊට පස්සේ මට පරණ වමේ සහෝදරවරු මුණගැහුණා. ඔවුන් කියන කතා, අහන කතා, එයාලා කියපු කතා ඒ ඔක්කොම එකතු කරපුවාම පේනවා මේක නම් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි කියලා. මේ ත්‍රස්තවාදී කණ්ඩායමට අපි පහර දෙන්න ඕනේ නම් ඊළඟට තියෙන හොඳම විකල්පය කවුද? ඒ තමයි සජිත්. ඒකට හේතුවක් තියෙනවා. අපි රැඩිකල්. හැබැයි අපි ප්‍රචණ්ඩ නෑ.

හැබැයි ඔයා කළෙත් ඕකට සමාන දෙයක්. ඔයා තමයි ජාතික රූපවාහිනියට කඩාගෙන පැන්නේ? අද ජවිපෙට අන්තවාදය ගැන චෝදනාකරන ඔයාම තමයි එහෙම කළේ?
බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියලා හරියන්නේ නෑ. බඩගින්න මුලින් නිවන්න ඕනේ. අනිත් එක ප්‍රචණ්ඩත්වය කියන්නේ මම තනියෙන් යන්නේ ඇතුළට. පොල්ලක් හරි ගල් කැටයක් හරි මගේ අතේ තියෙන වීඩියෝ එකක් පුළුවන් නම් පෙන්නන්න. මම එවැනි කිසිම දෙයක් අවස්ථාවක අතට අරගෙන නෑ. මම රට වෙනුවෙන් අරගල කළේ. රටේ පුරවැසියන් වෙනුවෙන් අරගල කළේ. අපි ප්‍රචණ්ඩ නෑ. අපි රැඩිකල්. ප්‍රචණ්ඩත්වය සහ රැඩිකල් කියන වචන දෙක පටලවාගෙන ඉන්නේ ජවිපෙ. අරගලයට කලින් මෙයාලගෙ කතාවයි, අරගලයට පසුව මේ අයගේ කතාවයි හොයලා බලන්න. ජවිපෙ කියන්නේ මට අනුව සම්පූර්ණ ත්‍රස්තවාදී කණ්ඩායමක්. එච්චරයි කියන්න තියෙන්නේ. ත්‍රස්තවාදී අන්තවාදී කණ්ඩායමක්.

ඔයා ඔය වගේම ගියා ෆුඩ්බෝල් ෆෙඩරේෂන් එකට. ඔවුන් පැහැදිලිව කිව්වා සී.අයි.ඩී. එකට ඔයා සල්ලි ඉල්ලුවා කියලා?
එයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බට මගේ නම කියන්නේ නැහැනේ.

එයා කිව්වා සී.අයි.ඩී. එකට පැමිණිලි කරනවා කියලා?
එයාලා පැමිණිලි කරලා නෑනේ. අපි සී.අයි.ඩී. එකට පැමිණිලි කරලා තියෙනවා. ඔය බොරුනේ. ධානිෂ් අලි කවදත් හිටියේ සටනේ. එදා මනිලාල් ප්‍රනාන්දුලාගේ හොරකම් ගැන කතා කරද්දී. මම කවදත් හිටියේ සයිට් එකේ. මාව හෙට පාරේ මරලා දාන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. මාව හෙට ජවිපෙන් මැරුවත්, නැත්නම් වෙන කෙනෙක් මැරුවත් ගැටලුවක් නෑ. මම දැන් ජීවිතේ පුද කරලා ඉවරයි රට වෙනුවෙන්. මට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ වෙලාවේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නම් ඔප්ෂන් එක සජිත්. මෙයාලගේ රතු තරුව කියලා එකක් තියෙනවනේ. මොනවද ඒකෙන් කළේ? මේ මනුස්සයා ‘සක්වළ’ ‘හුස්ම’ කියලා වැඩසටහන් දෙකක් කරලා ඉස්කෝල 300කට විතර උදව් කරලා තියෙනවා. රජයෙන් කරලා තියෙනවද? කොහෙන් හරි ආරම්භයක් ගන්නයි අපි බලන්න ඕනේ. මේ වෙලාවේ මෙයාලා ආරම්භයක් අරගෙන තියෙනවා. එතකොට සජබය ඇතුළේ ඉන්න ටීම් එක බලන්න. හර්ෂ ද සිල්වා වගේ අය.

මම නැවත නැවත අහන්නේ ඔබ ප්ලාන්ට් එකක් නේද කියන කතාව?
මාව කවුරුවත් ප්ලාන්ට් කරලා නෑ. මගේ පිටිපස්සේ කවුරුත් නෑ. මට කවුරුත් ඔවදන් දීලත් නෑ. අපේ අරගලයේ ඒකාබද්ධ රැස්වීම ඇතුළේ වෙන සිද්ධි අනුර කුමාර අහගෙන ඉන්නවා. අපි දැකලා තියෙනවා කෝල්ස් යනවා. අපි මීටින් එකේ ඉන්නකොට මේ කෝල්ස් ගිහින් තියෙනවා.

අරගලය ඇතුළේ?
ඔව්.

කවුරු හරි ෆෝන් එක ඔන් කරගෙන ඉන්නවා?
ඔව්. එයාලා සම්පූර්ණයෙන්ම මේක ඇතුළේ ගේම් එකක්.

කවුද සැක?
ඒ ටීම් එකම එහෙම තමයි.

ඔබ ප්‍රචණ්ඩ නෑ කියලා කිව්වට ඔබ ජනාධිපති මන්දිරේ ගිනි තියන්නත් ප්ලෑන් කරලා තියෙනවා නේද?
මන්දිරේ ගිනිතියන්න කියලා මිනිස්සු වගයක් එනකොට මමයි තව මල්ලි කෙනකුයි විතරයි දොරවල් වහලා ඇතුළේ හිටියේ ඒක ආරක්ෂා කරගන්න.

ඔයා නෙවෙයි නම් කවුද ගිනිතියන්න ගියේ?
ඒ වෙලාවේ මිනිස්සු ගිනිතියන්න ආවම වසන්ත මුදලිගේ කියනවා මේක ගිනි තිබ්බත් මොනවත් කියන්න බෑ, මිනිස්සුන්ගේ දේපළ කියලා.

ඒ කියන්නේ පෙරටුගාමීන්ද?
ඔව්. අද එයාලා ඡන්දේ ඉල්ලනවා නුවන් බෝපගේව දාගෙන.

ඒ කියන්නේ පෙරටුගාමීන් තමයි මන්දිරේ ගිනි තියන්න ආවේ?

පෙරටුගාමීන් කියනවා ගිනිතිබ්බට අවුලක් නෑ කියලා. ඒකෙන් මොකක්ද තේරෙන්නේ. වසන්ත මුදලිගේ කියන්නේ. වෙන කවුරුවත් නෙවෙයි. එතකොට මුන් ත්‍රස්තවාදීන් නෙවෙයිද මේ කණ්ඩායම් දෙක. මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නජා මොහොමඩ් ළඟදී එන්.පී.පී. එකේ ඉඳලා කැඩිලා ආවා. ඇතුළේ සම්පූර්ණයෙන්ම ජාතිවාදී ස්වරූපයක් තියෙන පක්ෂයක් ඕක. සජබය ඇතුළේ එහෙම නෑ. මම අද ගියත් සජිත්ව හම්බෙන්න මට හම්බවෙන්න පුළුවන්. එයාලා අතරේ ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා, මිත්‍රත්වයත් තියෙනවා. නමුත් මේක මොකක්ද? මේක රනිල්ගෙන් කඩාගත්ත ලිබරල් ටීම් එක අරගෙනනේ ඕක හැදුවේ. ලස්සනට කියනවා සජිත් ප්‍රේමදාස ‘පොලිටිකල් ලව් ස්ටෝරි එකක්’ කියලා. ඇත්තටම පොලිටිකල් ලව් ස්ටෝරි එකක් තමයි තියෙන්නේ මේ දෙන්නා අතරේ. 2015 කොහෙටද ආවේ? ෆොන්සේකා ගේන්න 2009දී එනවා. මේක තමයි පොලිටිකල් ලව් ස්ටෝරි එක. මේක ඉදිරියටම යනවා.

මනුවර්ණ CID එකටත් යයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයකු ලෙස කටයුතු කරන රංගන ශිල්පී ජගත් මනුවර්ණ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, සමගි ජන බලවේගයේ සාමාජිකයන් විසින් තමන් වෙත අභූත චෝදනා එල්ල කරනු ලබන බව සඳහන් කරමිනි.

SendShareShare
Previous Post

සජිත්ට ගහන්න ගිය නයි දෙරණට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! සජිත් දෙරණට එනවා කිව්වෙ නෑ! පූර්ව ප්‍රචාරක දැන්වීම් නවත්වන්න කියලා ලිඛිතවත් දැන්නුවා! එහෙම තියෙද්දිත් දෙරණ සංවිධානාත්මකව සජිත් ගැන බොරු කිව්වා! යවපු ලියුමත් මාධ්‍යට පෙන්වමින් තිස්ස මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලු මරදානම වහපු සජිත්ගේ මහා ජන සුනාමියේ ඩ්‍රෝන දර්ශන මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.