වෙන්නප්පුවෙන් මාරු කර යැවූ බව කියන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් සහ වෙන්නප්පුවේ කසිප්පු පිළිබද විශේෂ හෙළිදරව්වක් තව සුලු මොහොතකින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කිරීමටද අමාත්‍යවරයා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගිය සදුදා දින පැවැති ආණ්ඩුවේ මන්ත්‍ර්‍රී කණ්ඩායම් රැස්වීමේදීද අමාත්‍යවරයා මේ පිළිබදව විශේෂ හෙළිදරව්වක් කර තිබූ අතර මෙම ගැටලුවේදී මුලු ආණ්ඩුවම තමන් සමග සිටීම පිළිබදව විශේෂ ස්තූතියක් කිරීමටද අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.
එහිදී මන්ත්‍රීවරුන් අරුන්ධික ප්‍රනාන්දු මහතා හට අත්පොලසන් දී ඇති බවද වාර්තා විය.










