• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනාධිපතිට තල්ලුවක්!

October 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනාධිපතිට තල්ලුවක්!
Share on WhatsAppShare on Facebook

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ පවසයි.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ.

එම මුදල ලබන වසරේදී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා සමඟ පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත් කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කරනු ලැබීය.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක් ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය යි.

ඒ සඳහා සූර්ය හා සුළං මඟින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ.

කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇත.

කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිතුමා කෙනිචි යෝකෝයාමා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාවයි.

එමෙන් ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මඟින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

SendShareShare
Previous Post

ලංකාවේ දෙන්නා ඉන්දියාවෙදි සෙට් වෙයි! (PHOTOS)

Next Post

සුදුළූණු වංචාවේ එළියෙ ඉඳන් ගේම ගහපු කෝටිපතියා රහස් පොලිසියෙන් අල්ලයි! ඇතුළෙ අය තවම එළියේ?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper